Barn Buddy..ටයිමින් අප්සට් ද?

Barn Buddy…සයිබර් අවකාශයේ වගා කරන්නන්ගේ ගොවිපළ. මේක කරන ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි වෙලාව හරියට කළමණාකරණය කරගැනීමේ අපහසුව.. සමහර අය වැඩ අධික බව නිසා වගාව දිහා බලන්න වෙලාවක් ‍නෑ.. සමහර අයට අන්තර්ජාල පහසුකම් සොයාගන්න විදිහක් නෑ. සමහර ඇඩ්මන් අයියලා ( Administrator ) FaceBook තහනම් කරල… මේකේ ප්‍රතිඵලය තමයි අපේ වගාවට වල් අලි පනින එක :) දන්නවනේ අපේ අතිජාත මිත්තරයෝ වැඩේ දෙන බව.. ( මගේ මිත්තරයෝ පෝයක් කියල බලන්නෑ වැඩේ දෙනව.)

මේ හොරා කන එක තමයි ඒකෙ තියෙන නියම ගේම් එක. මේ හොරු පනින එක නවත්තගන්න මුර බල්ලෙක් දාන්න පුලුවන්.. ඌට කෑම දීල තිබ්බත් නැතත් අපේ මිත්තරයෝ වැඩේ දෙනව.. ඉතින් මේකට තියෙන හොදම විසදුම තමයි ටයිම් එකට ලොග් වෙලා අපේ ඵලවැල නෙලාගන්න එක.. නමුත් මම ඉස්සෙල්ල කිවුව වගේ ටයිමින් අප්සට් නං.. මේකට විසදුමක් විදිහට මැජික් ඇට වවන්න පුලුවන්… මැජික් ඇට වෙන මොනවත් නෙවෙයි අර්තාපල් බීජ.. 100% ක්ම නෙලාගන්න පුලුවන් හොදම විදිහ… මෙහෙමයි වැඩේ… මුලින්ම මතක තියාගන්න අර්තාපල් බීජ හැදෙන්න පැය 25ක් යන බව.. අපි උදේ අටට ( 8.00 a.m ) ගිහින් අර්තාපල් හිටවව්වොත් ඵලදාව ඊලග දවසෙ උදේ නවය‍ට (9.00 a.m) රෙඩි වෙලා තියෙනව.. කරන්න තියෙන්නේ ඊලග දවසේ උදේ අටට ( 8.00 a.m ) ගිහින් අඩුවටම ගන්න තියෙන පොහොර ( weak fertilizer ) අරගෙන වගාවට ගහගෙන යන එක.. අල ටික අපේ අතේ..

barn

ප්‍රතිචාර
  1. ගීතික පවසන්නේ:

    අපි නම් කරන්නේ ගේ ගෙනත් පාත්තිය උඩින් තියන එක.යාළුවන්ට ගේ වෙනස් කරන්න බැහැ අපේ වගාව බේරගන්න හොද ක්‍රමයක්……………….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )