කාවින්දි හා යටගියාව? යටගැසීම?

මුලින්ම කියන්න ඕන මම මෙ සටහන සකසන්නේ කිසිවෙකු හ‍ට රිදවීමෙ අරමුණින් හො කිසිවෙකු අපහසුතාවයට පත්කිරීම සදහා නොවන බව… මෙ ලිපිය සකසන්න ප්‍රධාන හේතුව වුනේ ඉන්ද්‍රනාමගේ “කාවින්දි,මෙ වෑයම ඔබට යුක්තිය ඉටු කරන්ටයි” යන ලිපිය හා මෑතක පළවූ ” Lie to me සහ කාවින්ද්‍යා ” හා ” කාවින්දි දුව” යන ලිපි පදනම් කරගෙනයි..

කාවින්දි මෙලොවින් සමුගත්තද ඈ හා බැදුනු ආන්දොලනාත්මක බව ශ්‍රී ලාංකිකයන් ගේ හදතුල කුකුසක් දනවන්නට සමත්විය.. ඊට ප්‍රධාන හේතු ගනනාවක් ඇත.. තත්වය මෙසේ වුවද ඇගේ මරණය පිළිබද පරීක්‍ෂණ යටගිය බවක් දක්නට ලැබේ…මෙය සියදිවි නසා ගැනීමක් වුවද මෙහි ඇති සැක උපදවන කරුණු නිසා සත්‍යය අනාවරණය කර ගැනීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය. ඒ අන් හේතුවක් නිසා‍ නොව මතු අනාගතයේ මෙවන් ජීවිත අකාලයේ අහිමි වීම වලකා ගනු පිණිසමය..

රිවිර ඉරිදා සංග්‍රහයට කාවින්දිගේ දෙමාපියන් දක්වා ඇති අදහස් අනුව ඇය දක්ෂතාවන්ගෙන් පිරිපුන් කීකරු දියණියකි.. එසේ වුවද පාසලේදී ඈ ලග තිබී හමුවු ජංගම දුරකථනයක් ඇගේ ජීවිතය මෙලොවට අහිමි කලේය.. හමුවු ජංගම දුරකථනයත් , ඇගේ මරණයත් , පාස‍ලේ ගුරුවරුන්ගේ ක්‍රියාකලාපයත් , වගකීමකින් යුතුව ක්‍රියාකිරීමට කිසිවෙකු නොමැති වීමත් ( මෙය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය නොවන පාසලක් බව අධ්‍යාපන ඇමති පැවසීය ) නිසා පහත සදහන් ගැටළු පැනනැගේ…..

01. කාවින්දිට සියදිවි හානිකර ගැනීමට තරම් වූ හේතුව කුමක්ද? ( මේ පිළිබද විවධ මතවාද, කටකතා, ප්‍රචාර, විචාර ඉදිරිපත් වුවද තවම සත්‍ය අනාවරනය වී නොමැත.)

02. ඈ ලග තිබී හමුවූ ජංගම දුරකථනයේ නියම අයිතිකරු කවුද? ( ජංගම දුරකථනයේ නියම අයිතිකරු සොයාගතහොත් මෙම සිදුවීමේ සුලමුල සොයාගත හැක…..ඇගේ දෙමවුපියන් ඇයට ජංගම දුරකථනයක් ලබා දී නොමැත..මැයගේ වයස හා සසදන කල ජංගම දුරකථනයක සම්භන්ධතාව මැයගේ නමින් ලියාපදිංචි කල නොහැක.ජංගම දුරකථනයේ අයිතිකරු සොයාගැනීම‍ට මෙතරම් අපහසුද?..)

03. කාවින්දි සමග ඇගේ පාසලේ ‍තවත් සිසුවියන් තිදෙනෙකු ලග තිබී ජංගම දුරකථන හමුවුවද ‍කාවින්දි හා තවත් එක් සිසුවියක් පමණක් සියදිවි නසාගැනීමට තැත් කිරීම..

(ඇයට සියදිවි නසාගැනීම සදහා බලපෑමක් එල්ල වූවාද? )

04.සියදිවි නසාගැනීමට තැත්කරගත් නමුත් දිවි ගලවාගත් අනෙත් සිසුවියගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වූවාද?

05.  පාසල විසින් රජයේ රෝහලකට කාවින්දි ඇතුලත් කර ඇති බව ඇගේ දෙමාපියන්ට දන්වා සිටියද පසුව ඇය පෞද්ගලික රෝහලකට ඇතුලත් කරඇති බව දැන්වීම.


06. විදුහල්පතිනිය පැමිනෙන තෙක් ඇයව රෝහලගත නොකිරීම හා සත්‍ය කරුණු වසන් කර ඇයව රෝහලට ඇතුලත් කිරීම


කරුණු කාරණා මෙසේ වුවද  තවම සත්‍යය හෙලිවී නොමැත.. මෙ ආකාරයට සැකයට තුඩුදෙන කාරණා ගොඩ ගැසෙද්දී මේ පිළිබද විධිමත්ව සොයාබැලීමට කිසිවෙක් නොමැත..මෙනිසා කවුරුන් හෝ සිතාමතාම මෙම සිදුවීම යටගසා කාවින්දි සමගම වැලලීමට උත්සහ දරණවාදැයි සැක මතුවීම සාධාරණය.. කාවින්දිට තවම යුක්තිය ඉටුවී නොමැත. මෙ සිදුවීම පිළිබද විධිමත් පරීක්‍ෂණයක් පවත්වා සත්‍ය හෙලිකර කාවින්දිට යුක්තිය ඉ‍ටුකල යුතුය.. එය තවත් දරුවෙකුගේ ජීවිතය සුරැකීමට පිටිවහලක් වනු ඇත..

*** ( සංවාදයට විවෘතයි)

ප්‍රතිචාර
  1. Chrishi -- ක්‍රිෂි පවසන්නේ:

    පැහැදිලිවම මමත් “LIE TO ME සහ කාවින්ද්‍යා” ලිපියෙන් අදහස් කලේ ඔය දේම තමයි. මේ සිද්ධිය යට ගැසීමට පාසල හෝ එයට සම්බන්ධ කවුරුන් හෝ ක්‍රියා කරනවා. මේක කරන එක්කෙනාව හොයාගන්න පුලුවන් මියුසියස් විද්‍යාලයේ අයිතිකරු කවුද කියලා හොයාගත්තොතින්. ඔය පාසලට අවුරුදු 14ක්ම ගිය කීපදෙනෙක්ගෙන්ම ඇහුවත් කවුරුත් දන්නේ නෑ. අඩුම ගානේ ඔවුන්ගේ දෙමවුපියන් වත් තමාගේ දරුවගේ වගකීම බාරගන්නේ කවුද කියලා දන්නේ නෑ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )