තාම රස්සාවක් නැද්ද…. ?
රැකියා ප්‍රශ්නය අද ලංකාවේ ප්‍රධාන ගැටළුවක් වෙලා තියෙනවා. සුදුසුකම් තිබුනත් අද සමහරුන්ට රස්සා නෑ. හොඳම උදාහරණය උපාධිදාරීන්.. රජය මේ අයට දෙන්න හදන තනතුර පිළිබඳව කතා කිරීම නිෂ්ඵල කටයුත්තකි. (මෙතනින් බලන්න)
තමන්ට හරියන රැකියාවක් හොයාගන්න බැරුව ලතවෙවී තැවිතැවී ඉන්න අයට අන්තර්ජාලය ඔස්සේ විවිධ රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව ලබා දී තියෙනවා.. එවැනි අවස්ථා උදාකර දෙන ක්‍රියාකාරී අඩවි කිහිපයකි මේ..
මෙවැනි අඩවි වල සඳහන් වන රැකියා අවස්ථා දකිද්දී හැගී යන කරුනක් වන්නේ විරැකියාවට හේතුව රැකියා නොමැතිකමද ? නැත්තම් සුදුසුකම් නොමැතිකම ද යන්නයි..
රැකියා තිබුනද ලංකාවේ බොහෝ පිරිසක් සොයන්නේ ක්‍ෂණික නුඩ්ල්ස් වැනි රැකියාය.. එනම් කෙටි කලකින් ලොකු ධනවතෙක් වීමට හැකි රැකියාය. මහන්සි වී කීයක් හරි හොයාගන්න අමාරු එවන් අයටත්, පාසල් ජීවිතය පිස්සු කෙලීමට කැපකර විභාග අසමත් ව ඉබාගාතේ යන අයටත් කෙටි කලකින් ධනවත් වීමට අවස්ථා ලංකාවේ ඕනෑතරම් ඇත.. ඒවැනි මාර්ග කිහිපයක් මගේ පෙළගැන්වීම අනුව ,
01. දේවාලෙක කපු මහතෙකු වීම ( මිනිසුන් වැඳ වැඳ මුදල් දී යයි)
02. සිඟමන් යැදීම ( දවසකට රු.1000කට වඩා ඉපයිය හැක)
03. ඡන්දය ඉල්ලා පලාත් සභාවකට හෝ පාර්ලිමේන්තුවට යාම.
04. තමන්ටම SMS කරගනිමින් මොකක් හෝ තරඟයකින් STAR කෙනෙක් වීම.
05. CD\DVD හොර කොපි තොඟ වශයෙන් බෙදා හැරීම
06. දරුණු අසනීපයකින් පෙළෙන බව පවසා ටිකට් පත් විකිනීම.
07.නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට දුප්පත් දුවා දරුවන් ට ඉගැන්වීමට අධාර කරන මෙන් ඉල්ලා bookmarks විකිනීම.
ඉහත සඳහන් කලේ කිහිපයක් පමණි. තව ඕනෑ තරම් තිබේ..එවැනි වෘත්තියක යෙදුනොත් නං ඉතින් සුටුස් ගාල” මාතියා පෝෂතෙක් තමා වෙනවා……” මෙම ලිපිය ලිවීමට මා පෙලබවූ , බස් රථයක පිටුපස වීදුරුවක සදහන්ව තිබූ වාක්‍යකින් මම මෙම ලිපිය අවසන් කරමි.
” අතේ සතේ නැතත් අම්මා මට පුතේ කියයි…..”
හොඳ පෝස්ට් එකක් ………….
අයි බන් සක්විති කෙනෙක් වීම
අතේ සතේ නැතත් අම්මා මට පුතේ කියයි
ඒකනම් ඇත්ත නියමයි දරුවා