sinhala bloggers…. මේක හරිද?
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසඳය ලබන 19 වැනිදා පවත්වන්න යන ප්‍රථම හමුව අලලා මෙය ලියන්න සිත් විය.. සිංහල බ්ලොග්කරුවන් විසින් විවිධ ආකාරයේ බිලොග් අඩවි කරණු ලබයි.. සමහර විට එකම පුද්ගලයා බිලොග් අඩවි දෙක තුනක් මෙහෙයවයි. සමහර බිලොග් අඩවි කිහිප දෙනෙකුගේ නිර්මාණයකි. එය ගැටලුවක් නොව්..
මෙම ලිපිය ලියන මෙ මොහාත වන විට සිංඩියේ බිලොග් අඩවි 554 ක් ඇත.. නමුත් ඒවයේ ක්‍රියාකාරීත්වය ගැන සෑහීමකට පත්විය නොහැක. සෑමදාම පාහේ දැකිය හැක්කේ සුලු පිරිසක් මෙම සිංඩිය කරගෙන යන ආකාරයකි.. අන් අයට ඇති කාර්යයබහුල බවත් සමඟ බ්ලොග් පොස්ට් ලිවීම අපහසු වුවත් අප සිංඩියට එක් වීමේදී පහත කාරණාවට එකඟ වුවෙමු..
” 7. දින 90 තුල අලුත් ලිපියක් නොලිව්වොත්, එය සින්ඩිකේටරයෙන් ඉවත් කිරීමට සිදුවෙයි. “
නමුදු බිලොග් අඩවිය පැත්ත පලාතක නොගිය ආකාරයක් සමහර අඩවි වලට පිවිසීමෙන් පෙනී යයි.. එයට ඕනෑතරම් උදාහරණ ද ගෙනහැර දැක්විය හැක..නමුදු තාමත් සිංඩියේ ඇත.
එබැවින් මෙ කාරණය සැලකිල්ලට ගෙන වඩා හොඳ සිංඩියක් පවත්වාගෙන යාමට කටයුතු කල යුතුය.. එය සිංහල බිලොග්කරුවන් වන අපගේ යුතුකමකි..අක්‍රීය බිලොග් අඩවි පිළිබඳව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසඳය භාර නිළධාරීන් පියවරක් ගනු ඇතයි විශ්වාස කරමි..
තාම පියවරක් අරගෙන නෑනේ ද?