Horror , Thriller , Mystery ( සිංහල උපසිරැසි සමඟ )

Posted: 2010 පෙබරවාරි 20 in අලුතෙන් මොනවද?, චිත්‍රපටි...

මුලින්ම මට මේ අදහස ආවේ අපේ බයිස්කෝප් සිංහලෙන් උදවියගෙන්..   Horror , Thriller ,  Mystery  වැනි චිත්‍රපටි ගොඩක් අයට එපාවීමට එක් හේතුවක් වෙන්නේ ඒවායේ කතාව තේරුම් ගැනීමට අපහසු වීමයි… මේ තත්වය මඟ හැරවීමටත් සිංහල දෙබස් යෙදූ horror , thriller ,  mystery  චිත්‍රපටි අවම වීමත් හේතුවෙන් මම මේ වැඩේට අත ගැහුවා… දවස් දෙකක් ඇතුලත සම්පූර්ණ චිත්‍රපටියකට   තනිවම සිංහල දෙබස් යෙදීමට හැකිවීම පිළිබඳ සතුටුවන අතරම එය ඔබ සියලු දෙනා අතරම බෙදා ගැනීමට මා අදහස් කලා..

ඒ අනුව මා විසින් සිංහල දෙබස්  යෙදූ horror ලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ  2009 වසරේ නිකුත් වුන  Wrong Turn 3 Left for Dead චිත්‍රපටිය ඔබ සැම සමඟ  හුවමාරු කර ගැනීමට අද මම බලාපොරොත්තු වෙනවා… ඔබ සතුව දැනටමත් මෙම චිත්‍රපටිය ඇත්නම් චිත්‍රපටියේ නම හා උපසිරැසි ගොනුව හි ඇති නම සමාන වන අයුරින් සකසා ගන්න.. චිත්‍රපටිය නොමැතිනම් මෙතනින් ලබා ගන්න..

ඉදිරියේදීත් Horror , Thriller , Mystery චිත්‍රපටි ඔබගේ රසවින්දනය උදෙසා ගෙන ඒමට බලාපොරොත්තු වෙමි…

අවවාදයයි… :-

චිත්‍රපටයේ රසවින්දනයට හානියක් වන බව හැඟී ගිය හෙයින් සාම්ප්‍රධායෙන් ඔබ්බට යමින් චිත්‍රපටියේ දෙබස් සංශෝධනයකින් තොරව ඉදිරිපත් කිරීමට උත්සහ ගතිමි.. එම නිසා මෙය කුඩා දරුවන්ට නුසුදුසු බව කරුණාවෙන් සලකන්න…

චිත්‍රපටිය මෙතනින් ගන්න

සිංහල උපසිරැසි මෙතනින් ගන්න

….

ප්‍රතිචාර
  1. අලුත් වැඩේට මගෙනුත් සුබපැතුම් යාලුවා..

  2. විකියා පවසන්නේ:

    අනිවා…නියමයි…ඔයා සබ් දාපු හෂ් කියලා ‍ෆිල්ම් එකක් තියෙනවා නේද,,,ඒක බ්ලොග් එකේ දාන්න බැරිද…

    ජයෙන් ජය ඔබට…. :)

  3. ravinrosh පවසන්නේ:

    එල එල ඔහොම යන් ඔහොම යන්……!!!!!!

  4. hemantha samarakoon පවසන්නේ:

    මේකට නම් මාත් කැමතියි… මම කලින් බයිස්කෝප් සයිට් එකට නිතරම යනවා.. ඒ වගේම තව එකක් පටන් ගත්ත එක නම් ලොකු දෙයක්.
    ඔබට ස්තූති.

  5. sw7x පවසන්නේ:

    දවස් දෙකක් ඇතුලත සම්පූර්ණ චිත්‍රපටියකට තනිවම සිංහල දෙබස් යෙදීමට හැකිවීම….
    මචන් මෙක නම් පට්ට ….ඩවස් ඩෙක්කින් සුබ් හඩනව කියන්නෙ
    any wy…
    congrats machan……
    keep it up

    horror , thriller , mystery walatama kotu wennath epa…machan..anikwatath sub daapan

  6. Dinushka Udara | රොකියා පවසන්නේ:

    ඔයා දරලා තියෙන මේ වෑයම ගැන අපි අවංකවම සතුටු වෙනවා. මේ සිංහල උපසිරස වැඩේ ප්‍රචලිත වෙනවා කියන්නෙ සිංහල මවු භාෂාව කරගත් අපි හැම දෙනෙක්ටම සුබ කරුනක්. සබ් එක බලලා කමෙන්ට කරන්නම්. ඉදිරියටත් ඔයාට මේ වගේ හොඳ නිර්මාන කරන්න ලැබේවා.

    • යූත්මැක්ස් පවසන්නේ:

      අමුතුම ආකාරයේ හඬ කැවීමක්නේ… මගෙන් සුභ පැතුම්෴

    • යූත්මැක්ස් පවසන්නේ:

      අමුතුම ආකාරයේ උපසිරැසි ගැන්වීමක්නේ… මගෙන් සුභ පැතුම්෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )