Akon විරෝධයේ සැබෑව පිළිබඳ විපරමක්……

Posted: 2010 මාර්තු 24 in Uncategorized

පසුගිය කාලය පුරා බ්ලොග්කරුවන් හා ෆේස්බුක් සමාජ ජාලය තුල මතු වූ Akon විරෝධය පිලිබඳ විමසා බැලීමට සිත් විය.. මෙම විරෝධයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ Akon ගේ ගීතයකි.. එනම් බුදු දහමට නිගරු වෙන අයුරින් කල ගීත වීඩියෝවක් බෞද්ධයන්ගේ දැඩි විරෝධයට ලක් ව ඇත… පළමුව එම වීඩියෝව ගැන විමසා බලමු.. Akon ස්වකීය ගීත ගායනා කරණ අතර ම ඔහු අන් අය සමඟ කරණ ගීත ද බොහෝය.. මෙයද එවැනි ගීතයකි.. මෙම ගීත වීඩියෝව මුල් වරට මාධ්‍යන්ට මුදා හැර ඇත්තේ 2009 අගෝස්තු මාසයේදී ය.. පළමු ගැටලුව පැන නගින්නේ මෙතැනදීය.. දැන් කවුරුත් සිතනවා ඇත්තේ එම ගීත වීඩියෝව මෙතරම් කාලයක් නොදැක්කේ මන්ද යන්න ය.. එය සැබෑවක් උවද කවුරුත් නොදැකපු කාරණයක් මෙතන ඇත.. මෙම ගීත විඩියෝව පිළිබඳ ඔබ මුලින්ම දැන ගත්තේ කොහොමද යන්න සිතුවාද? මතකයට නැගෙන්නේ ෆේස්බුක් කණ්ඩායමක් ද? ( බහුතරයක් මෙම වීඩියෝව පිළිබඳ දැන ගත්තේ එම කණ්ඩායම මඟිනි..) හදීසියේම මෙවැන්නක් මතු වීම‍ට හේතුවක් තිබේ ද? Akon ගේ ලංකා ගමන පිළිබඳ රාවය පැතිර යද්දීම Akon ගේ ලාංකික රසිකයන් අතර ඒ පිළිබඳ මහත් කතාබහට ලක්විය.. මොහුව ලංකාවට ගෙන්වන්නේ මෙරට පෞද්ගලික මාධ්‍ය ජාලයක අනුග්‍රහයෙනි.. එම කරුණත් සිහියේ තබාගෙන කරුණු කාරණා වල අග මුල සොයමු.. ගීත වීඩියෝව නිවැරදිව නිරීක්‍ෂනය කරන්න.. ‍එහි කාන්තාව හා ලිංගිකත්වය (ඔවුන්ගේ සංස්කෘතිය) මතු කිරීම උත්සහ ගත්තද බුදු පිළිමය ඉස්මතු කිරීමට උත්සහ ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.. රූපරාමු අතර පෙනෙන හා සැනකින් රූපරාමු අතරින් ඉවත්ව යන බුදු පිළිමයේ දසුන් තත්පර ගනනින් නවත්වා එහි ජායාරූප ගෙන පලකර ඇත්තේ කවුද? පලකර ඇත්තේ කොහෙද යන්න ඔබ දැනටමත් දන්නා බවට සැක නැත.. එම වට පිටාව හොඳින් නිරීක්ෂණය කරන්න.. එය ‍බෞද්ධ සිද්ධස්ථානයක් ‍නොවන බව පැහැදිලිය.. එසේම එය එම ගීත වීඩියෝව සඳහාම නිර්මාණය කර ඇති එකක් ද නොවන බව ද පැහැදිලිය.. එය සංචාරක නිකේතනයක් වැනි ස්ථානයක එලිමහනක් බව බැලූ බැල්මට පෙනේ.. ගීතය සඳහා දසුන් රූ ගත කිරීමට එම ස්ථානය යොදා ගත්තානම් ගීතයේ ඇති දසුන් මෙන් එම ස්ථානයේ නර්ථන, සාද, DJ සංගීත සංදර්ශන ආදිය අදටත් එහි සිදු නොවන බවට පැවසිය හැකිද? ඒ අනුව එම ස්ථානයේ බුදු පිළිමය පිහිටුවා ඇ‍ත්තේ වන්දනාමානයට නොව කලාකෘතියක් ලෙස බව පැහැදිලිය.. විරෝධය දැක්විය යුත්තේ මෙයට නොවේද? එසේනම් යන්නේ කොහෙද මල්ලෙ පොල් වැනි විරෝධයේ තේරුම කුමක්ද? තව කරුණක් වන්නේ මෙම ගීතයේ සැබෑ අයිතිකරු David Guetta ය.. නමුත් ඔහු පිළිබඳ කවුරුත් කතා නොකරන්නේ ඔහු Akon සමඟ ලංකාවට නොඑන නිසාද? Akon ගේ මඩ සේදීමට මට කිසිදු උවමනාවක් නොමැත. ඔහුගේ සංගීත ශෛලය, ගායනය, හොඳ විය හැකි නමුදු ඔහුගේ ක්‍රියාවෙන් හා හැසිරීමෙන් කිරි කලයට ගොම වැටී අවසානය..මෙහිදී ඔබට තව කාරණයක් සිහිපත් කර දීමට කැමතිය..
මීට වසර කිහිපයකට පෙර E.A.P. සිනමාහල් වල තිරගත වූ  D.O.A. ( Death or Alive ) චිත්‍රපටිය ඔබට මතකද? මෙම චිත්‍රපටිය පැහැදිලිවම බුදු දහමට නිගරු වෙන අයුරින් සිදු කර ඇත. බුදු රුව යෙදූ යහන්, බුදු රුව සුනු විසුනු වී යන අයුරින් වරදින පා පහරවල් ආදී ජවනිකා මෙහි ඇතුලත්ය.. තවද එහි මුදල් ගබඩාවේ රහස් සංකේතය ද බුදු රුව ඇතුලත් සලකුණකි.. චිත්‍රපටිය අවසන් වන්නේ විශාල බුදු පිලිමයක් පුපුරවා විනාශ කිරීමෙනි… තවද මෑතක ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ jean claude van damme රඟන චිත්‍රපටියක පොලිස් රහස් මූලස්ථානය පිහිටා ඇත්තේ විශාල බුදු පිළිමයක් යට තැනූ රහස් කාමරයක ය.. ( මෙහි බුදු පිළිමය වෙනම ගෙන එහි යට රහස් කාමර ඇති බවට හුවා දැක්වීමට නිෂ්පාදක අසාර්ථක උත්සහයක් ගෙන ඇත.) ප්‍රධාන නළුවා එහි ලඟා වෙත්ම පිපිරීමකින් මූලස්ථානය විනාශ වේ ( නමුදු පෙන්වන්නේ පුපුරා විනාශ වී දැවෙනා බුදු පිළිමය ය).. බුදු දහමට නිගා වන අයුරින් නිපද වූ මෙවන් චිත්‍රපට මෙරට පෙන්වා අවසන් වන තුරුම කිසිම කෙනෙක් පත්තර ලිපියකින් වත් විරෝධය දැක්වූ වගක් අසන්නට නොමැත…
මේ අනුව රැල්ලය මතු ඇති මේ Akon විරෝධයේ පිළිබඳ ඇතිවන්නේ මහත් වූ සැකයකි.. විහාරමහ දේවී උද්‍යානයේ සිදු වූ ‍සිදුවීම නිසා ඇති වූ ආගමික විරෝධය මතක ද? කොස්වත්තේ එම මූලස්ථානය විනාශ කිරීමට තරම් ඔවුන් උත්සුක විය.. එම දේව මෙහෙය හෝ ඉන් අනතුරුව සිදු වූ සිදුවීම් මෙහි කතා කිරීම අනවශ්‍ය වන අතර මට උවමනා වන්නේ ලාංකිකයන් අතර ආගමික වශයෙන් අවුස්සවාලීමට එම සිදුවීම කොතෙක් දුරට බලපෑවාද යන්න පෙන්වා දීමටය… Akon විරෝධය ද එවැනි ඇවිස්සීමක් සදහා මුලපිරීමක් ද යන්න ගැන සාධාරණ සැකයක් මතු වේ.. මන්ද යත් ලාංකිකයන් විශාල වශයෙන් Akon විරෝධය සදහා කරුණු විමසීමකින් ‍තොරව යන්නන් වාලේ යන නිසාය… Akon විරෝධයේ සැබෑ ස්වරූපය එලියට පෙනෙනු ඇත්තේ එලිවෙන ජාමයටය… මන්ද යත් ශ්‍රී ලංකාවේ සිදු වූ ආගමික ගැටුම් පිළිබඳ අසන්නට ලැබී ඇත.. මින් පෙර මාවනැල්ල හා ගම්පොල-නාවලපිටිය ප්‍රදේශවල ආගමික ගැටුම් සිදු වී ඇත. මින් සිදුවන්නේ වටිනා ජීවිත අහිමි වී යාම පමණි.. ලංකාවේ තුල ‍බොර දියේ මාළු බාන්නන් බොහෝය.. තම තමන්ගේ පෞද්ගලික, කණ්ඩායම් හෝ දේශපාලනික පටු වාසි උදෙසා සිදුකරන්නා වූ ක්‍රියාකාරකම් වල ඉත්තෙකු වෙනවාදැයි ඔබම සිතන්න.. Akon ට හෝ වෙන කාගේ හෝ ක්‍රියාවකට හැසිරීමකට හෝ මොනයම් දෙයකට ‍ඔබ විරුද්ධ නම් කල හැකි හොඳම දේ ඔහුව ප්‍රතික්ෂේප කිරීමයි… ඔහුගේ නිර්මාණ ඔහුගේ ප්‍රසංග ප්‍රතික්ෂේප කිරීමයි.. එසේ නොමැතිව වෛරය කරපින්නාගෙන මන්න පාර දීමට බලා සිටීමෙන් සිදු වන්නේ යුද්ධයක් අවසන් වූ රටේ තවත් යුද්ධයකට මුල පිරීම පමණි.. දුර සිතන්න.. ඔබට තෙරුවන් සරණයි..

ප්‍රතිචාර
  1. කියවන්නෙක් පවසන්නේ:

    කෙසේ වෙතත් අවසානයේ ඒ කොන් විරෝධය සමහරුන්ට පාරාවලල්ලක් විය.

  2. Thisara පවසන්නේ:

    @මහා සිංහලයා

    ඔබේ යෝජනාවත් හරියටම බදු ගෙවනවනම් මහ ගෙදර පෙන්නන්න පුළුවන් වගේ වැඩක්. සිරස සහ මහා සිංහලයා නියෝජනය කරන්නේ “සිරස නිසා මහා සිංහලයා යැපීමත් මහා සිංහලයා නිසා සිරස යැපීමත්” යන කාරණයයි. ඒ අනුව මර්වින්ට සිරස මෙන්ම සිරසට මර්වින්ව නැතිවම බැරිය. ඒ නිසා ඔබලා මාස 3ට වරක් සිරසට ගහන්න. සිරස එය විකුණමින් ඔබලාට ගසයි. මෙය “එදාවේල ටුවර්ස් ” වැඩකි.

    • මහා සිංහලයා පවසන්නේ:

      මෙතන වාද විවාද ඕන නැ අපි කිව්වේ AKON ගේ සංස්කෘතිය අපිට හරියන්නේ නැහැ කියලා ඒකට අර්තවත් ගැඹුර ැසංවාද ඕන නැ.. AKON සභ්‍යත්වයක් නැති නිසානේ අපි ඒකට විරැද්ධ AKON නැතිව වෙන කෙනෙක් ගෙනාවනම් අපි වැරැද්ධ නැ මෙතන ඇයි අපිට පේන ඇත්ත පිළිගන්නේ නැත්තේ? අපි සිංහල මිනිස්සු ආගම කේසේ වෙතත් බුද්ධාගමට අගෙෘරව කරනවට අපි අකමැතියි. මම සිංහල උනාට මුල් ආගම ක්‍රිස්තියන් ඒ උනාට දැන් බුද්ධාගම අපි සුද්ධාගෙන් ආපු හැම රෙද්දම උඩ තියාගෙනනේ පිළිගත්තේ ඉතින් එකනේ දැන් වැරදිලා තියෙන්නේ රජය එහෙනම් AKON ගේ වීසා තහනම් කරේ ඇයි? මහනායක වරු ඒකේ ආධීනව කියපු නිසා.. ඒක තේරුම් ගත්තනම් හොදයි නේද? තලේබාන්

    • මහා සිංහලයා පවසන්නේ:

      http://www.youtube.com/watch?v=9bl05ZoDRuE&NR=1) ඔන්න උ‍ඹේ AKON බලාගනින්

  3. [...] http://arunaweerasinghe.wordpress.com/2010/03/24/akon-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%… 0.000000 0.000000 [...]

  4. sira(london) පවසන්නේ:

    Hm more than 3 Mil Sri Lankan`s living in out of country. In Europe, Norway is my 3rd country. As a sri lankan, we are visiting to go to sri lankan & indian Restaurant. (have massage centers)This Restaurants are full with Buddha, Ganges Status. In Summer these Restaurants are full with people. There are kissing, floating,smoking and drinking Cocktails opposite Buddha Statutes . But no one against this or one single comments. The owner of this most Restaurants are sri lankans.
    I don`t think this westerns people or sri lankans restaurants owners, never think to insult the Buddha or Buddhism. Buddha statues in Europe just a decoration statues for Shops, Gardens or Bathrooms. no other interest.
    Lahiru

  5. ipl පවසන්නේ:

    akon ge podi song ekkak ganna katha kalath mechara thawa buddagamata wirudawa apu songs thiyanawa ( robbie williams ge Bodies song ekka),
    Bodies in the Bodhi tree,
    ekka nissa video ekka akon ge nevei ne ekka wenna kennek ge sithuwllakata create karapu ekkak.
    i think methanadi akon ge waraddak na

  6. huta පවසන්නේ:

    lipiya wagema comments tikath fattai.

    Akon da buddhagamata nigaru kala palaweni kena?

  7. බුධාජීව පවසන්නේ:

    ලිපිය ඉතාමත් අගය කළ යුතුයි. නමුත් ඇතැම් ප්‍රතිචාර නිසා මඩ ගොහොරුවක්ව ඇති මෙහි හරවත් සංවාදයක යෙදෙන්නට තිබුනු අවස්ථාව අහුරා දමා තිබෙනවා. ඒ ගැන කණගාටුයි.

    සිරසට පහරදීම වැනි දේවල් කරන අයගේ තත්වය ඇතැම් ප්‍රතිචාර දෙස බැලීමෙන් සිතාගත හැකියි.

    • අරුණ වීරසිංහ පවසන්නේ:

      @ බුධාජීව

      හරවත් සංවාදයකට තිබූ ඉඩකඩ ඇහිරී යාම පිළිබඳ මා ද කණගාටු වෙමි..

  8. rachiyo පවසන්නේ:

    මහා සිංහලයා :
    කතාව හරි ඒත් මේකා එහෙම දෙයක් කරලා තියෙනවා බුදු දහමට අපහාස කරලා තියෙනවා හැම රෙද්දක්ම දේශපාලනයට ගාවන එකත් අපේ එවුන්ගේ පොන්න කම. මූ එහෙම වැරදි කාරයෙක් එහෙම එකෙක්ට උ‍ඹ එන්න දෙනවද????
    අල්ලපු රටේ ගෑනු 100 ක් දූෂණය කරපු එකෙක් උඹලගේ අල්ලපු ගෙදරට ආවොත් උෘව උඹේ ගෙදරටත් ගෙන්න ගන්වද?

    එතකොට මර්වින් සිල්වාම කිව්වේ ඌ අහල පහල ගෑණු එක්ක ඉන්නවයි කියල ප්‍රසිද්ධියේ.උඹට කේන්ති ගියේ නැද්ද? ගිහිල්ලා ගහලා වරෙන්කෝ ගල්!

    • මහා සිංහලයා පවසන්නේ:

      පේනවනේ හැම රෙද්දකටම මර්වින් සිල්වා උෘව මෙතනට වැඩක් නැනේ යන්නේ කොහෙද මල්ලේ පොල්….. AKON අපිට ගැලපෙන්නේ නැ ඒකයි අපි කිව්වේ අපේ රටේ වැරදි තියෙනවා උඹ කියන විදියට තව වැරදි ටිකක් පිට රටින ගෙනත් දාන්න කියලද? අනේ තලේබාන්……

    • මහා සිංහලයා පවසන්නේ:

      http://www.youtube.com/watch?v=9bl05ZoDRuE&NR=1) ඕක බලපන් බොරුවට කෑගහන්නේ නැතුව

  9. මලින්ද පවසන්නේ:

    මම මෙහි දමා ඇති කමෙන්ට් සියල්ල කියවා, ලංකාවෙ “මහා සිංහල බෞද්ධ” සමාජයේ හැදියාව මැනවින් දැක ගතිමි.

    මගේ අදහස ප්‍රකාශ කිරීමට සිත්වුවද, මෙහි එවන් පරිසරයක් නැත.

    • වස පවසන්නේ:

      අඩො උඹත් AKON ද? එහෙනම් පුකෙන් තමයි යන්න වෙන්නේ
      උඹයි මායි දන්න “මහා සිංහල බෞද්ධ” සමාජය අනේ ගොනේ AKON වගේ නරුමයෙක් උඹට හොදයිනම් උඹේ ගොන් කම හිතාගන්න පුලුවන් ඕකට “මහා සිංහල බෞද්ධ” සමාජයේ හැදියාවක් හොයන්න ඕන නැ තොපිටයි හැදියාව නැත්තේ

  10. Beetle පවසන්නේ:

    මල්ලී,

    හැමතැනම කතාවෙන මාතෘකාවක් ගැන හැමෝටම වඩා හොඳින් මේ ලිපිය ලියා ඇතැයි මගේ පුද්ගලික හැඟීම…ඔබ විසින් සඳහන් කර ඇති කරුණු අතරින් එකක් හැර අන් සියල්ලටම මම එකඟ වෙමි… එනම්…

    “එහි කාන්තාව හා ලිංගිකත්වය (ඔවුන්ගේ සංස්කෘතිය) මතු කිරීම උත්සහ ගත්තද බුදු පිළිමය ඉස්මතු කිරීමට උත්සහ ගෙන ඇති බවක් පෙනෙන්නට නැත…” යන්නයි…

    එම බුදුපිලිමය ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස තබා ඇති බවත් එය පසුබිමින් පෙනීම නොවැලැක්විය හැකි බවත් පිළිගත හැකිය… නමුත් මෙම ක්ෂණික රූප රාමුව ගැන මට එසේ සිතීමට අපහසුය….

    http://www.lankanewsweb.com/Sinhala/newsimages/Akon.jpg

    මේ ක්ෂණික රූප රාමුව කාගේ හෝ පහත් උවමනාවකට ඇතුළත් වුනු බව නම් සැක කළ හැකිය… මාගේ පුද්ගලික අදහස නම් මෙය බොහෝවිට David Guetta ගේ හෝ Akon ගේ අදහසක් නොවෙන්නටද පුලුවනි… මක්නිසාද සාමාන්‍යයෙන් මෙවැනි Music Video එකක නිර්මාණය සහ සම්පූර්ණ අධීක්ෂන කටයුතු Music Video Director කෙනෙකු විසින් කරනවා විය යුතු බැවිනි…

    කෙසේ වෙතත් Akon සම්බන්ධව හෝ ඊට විරුද්ධ වන්නන් ගැන මට කියන්නට දෙයක් නැත… ලිපියේ සමබරතාවය උදෙසා මේ කමෙන්‍ටුව එකතු කිරීමට සිත්විය…

    • මහා සිංහලයා පවසන්නේ:

      අඩෝ තලේබාන්
      අටුවා ටීකා ඕන නැ මට අපි විරැද්ධයි akon එනවට උඹලත් නිකන් තලේබාන් කාරයො වගේනේ …ක ඉරාගෙන ඕක හොයන්න ඕන නැනේ අනිත් එක ගැඹුරෙන් විග්‍රහ කරන්නත් ඕන නැනේ කෙටියෙන්ම කිව්වොත් akon බලු සංස්කෘතිය අපිට ගැලපෙන්නේ නැ ඕක තේරේන්නේ නැත්තේ ඇයි මේ තලේබාන්ලට

  11. වස පවසන්නේ:

    akon+සිරස අපිට එපා

    • මහා සිංහලයා පවසන්නේ:

      http://palaamalla.blogspot.com/2010/03/akon.html
      kumaraya said…

      ඔය යකාට වීසා නොදෙන එකයි… සිරසට ගහපු එකයි… ඉතාම හොඳයි… එසේම තමා කළ යුත්තේ…
      අනිවාර්යයෙන් මාස තුනකට වරක් සිරසට පහර දීමක් සිදු කළ යුතුයැයි මම යොජනා කරමි.
      අපේ මේ රට,ජාතිය, ආගම යන මේ තුනම කන්නේ මොවුන් තමා…
      March 24, 2010 2:36 AM

    • අරුණ වීරසිංහ පවසන්නේ:

      @මහා සිංහලයා
      ඉන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? මෙතන කතාබහට ලක්වන්නේ සිරසට පහර දීමක් නොවන බව කරුණෘවෙන් සලකන්න.. සිරසට මාස 03 කට වරක් ගැසීමෙන් සියල්ල හරි යනවාද? බුදු දහම රැකෙනවාද? එසේ වෙනවානම් මාද ඊට සහභාගී වෙන බව සතුටින් දන්වමි…

  12. ```Outsider``` පවසන්නේ:

    මමනම් මේ ගායකය කවුද කියලවත් දන්නෙ නෑ පුද්ගලිකව. ගීත අහලත් නෑ. ඒත් මේ වගේ පුහු විරෝධයන් මේ රටට අලුත් දේවල් නෙවෙයි. ආගමට ආදරෙන් ඒව සිද්ධ වෙන්නෙ නෑ දේශපාලන වුවමනාවන් මිසක්.
    බුද්ධ ශාසනයට එරෙහි මහම විනාශය සිදු වෙන්නෙ විදේශිකයො හෝ අන්‍යාගමිකයන්ගේ අතින් නෙවෙයි. බෞද්ධයෝ ලෙස පෙනී සිටින හෝ චීවර පොරවාගත් දේශපාලකයින් අතිනුයි. ඒත් ඒක පේන්නෙ නැතිව කොහෙවත් යන විදේශිකයෙකුට විරෝධය පෑම දේශපාලන වුවමනාවන් විතරයි. මේ ගායකයාට බුදුන් ගැන අදහසක් හෝ වගකීමක් නෑ. ඉතින් ඔහු කරන දේ සාමාන්‍යයි. ඒත් බුදුන්ගේ අනුගාමිකයින් ලෙස පෙනී සිටින උදවියම බුදුන්ට නිගාවන ලෙස හැසිරෙන අයුරු නොපෙනීමනම් අභාග්‍යයක්.

    • මහා සිංහලයා පවසන්නේ:

      කතාව හරි ඒත් මේකා එහෙම දෙයක් කරලා තියෙනවා බුදු දහමට අපහාස කරලා තියෙනවා හැම රෙද්දක්ම දේශපාලනයට ගාවන එකත් අපේ එවුන්ගේ පොන්න කම. මූ එහෙම වැරදි කාරයෙක් එහෙම එකෙක්ට උ‍ඹ එන්න දෙනවද????
      අල්ලපු රටේ ගෑනු 100 ක් දූෂණය කරපු එකෙක් උඹලගේ අල්ලපු ගෙදරට ආවොත් උෘව උඹේ ගෙදරටත් ගෙන්න ගන්වද?

  13. මහා සිංහලයා පවසන්නේ:

    ‘‘ ලංකාව බෞද්ධයන්ගේ රටක් ප‍්‍රසිද්ධියේ බුදු දහමට නිගා වන මෙවැනි පුද්ගලයන් ලංකාවට ගෙන්වීමට කිසිදු ආයතනයකට සාදාචාරාත්මක අයිතියක් නැහැ. බුද්ධ ප‍්‍රතිමාවන් මත නග්න කාන්තාවන් නංවා තම ගීතයට රැප රචනා කරන ඒකෝන් වැනි බටහිර සංස්කෘතිය කර පින්නා ගත්තවුන්ට අපේ රටේ
    බෞද්ධ ශිෂ්ඨාචාරය විනාශ කිරීමට කිසිසේත් අප ඉඩ නොදිය යුතුය.’’ යනුවෙන් ෆේස්බුක් සාමාජිකයෙක් වූ මාලක රන්ජීව මෙම එක් ෆේස්බුක් පිටුවක ලියා තිබුණේය.

    oya ponnaya awoth uwa balanna yana ponnayo tikai ponniyo tikai uth ekkama yawanna ona uge…ka lewa kanna

    තොපි මෙතන කෑගැහුවට වැඩක් නැ මේවා බුදුධාගම නැති කරන්න කරන දේවල් YES FM තහනම් කරන්න ඕන

    • අරුණ වීරසිංහ පවසන්නේ:

      YES FM තහනම් කරාම ඔක්කොම හරි යනවනම් මමත් ‍ඒකට පෙරමුණ ගන්නම්…

    • මහා සිංහලයා පවසන්නේ:

      මෙහෙමයි සහෝදරයා ඔක්කොම කෙසේවෙතත් 0.0000001% හරි හරයනවා ඔබේ සහයෝගයට තුති

  14. malith පවසන්නේ:

    සහතික ඇත්ත.
    සමහරු මෙකෙන් වෙනත් වාසි ගන්න හදනව ඒකයි මෙතන වෙන්නෙ , සිරසට ගල් ගහපු එකත් ඒවගේ එකක් නැතුව ආගමට ලැදිකමකට වෙච්ච දෙයක් නෙවි, අපේ රටේ ආගම සංස්කෘතිය ආරක්ෂා කරගන්න නම් Akon ට කලින් රටෙන් පන්නන්න ඔන සත්තු මේකෙ ඉන්නව උඩින්ම ඉන්න එකෙක් තමයි ඔය ගල් ගහපු එවුන්ගෙ මහ එකා මැරවින්,

  15. Ragu පවසන්නේ:

    this is the wisest thing i heard from a sinhalese buddhist in a very long time! i’ve been trying to tell the same thing and so far i’ve been labeled as a “akon sympathizer”. what i’m trying to say is that we are buddhists and our religion is probably the only religion which practices non violence except may be for jainism. so we as intelligent followers of buddha these small incidents should not taint the impression we have about buddha!! cuz buddha had even worser mud slinging at him when he was alive and he with great patience he faced them all. he did not advice anyone to kill them or hurt them, but simply to ignore the lesser minded!! we should’ve tried to get him to give a public apology for the thing! but no our die hard buddhists had to go and smash MBC!! its just sad!!

  16. කසුන් නදීශන පවසන්නේ:

    කවුරු මොන විදියේ වීඩීයෝ හැදුවත් අවුරුදු 2500 කට ඉහතදී මෙලොව එළිය දුටු ශේෂ්ථ පුද්ලයාගේ චරිතයට කිසිම නිගරුවක් සිදු නොවේ. ඒවා හරියට විශාල පර්වතයකට කුඩා ගලකින් ගහනවා හා සමානයි. Akon තියා කාට උනත් ඒ ශේෂ්ථ පුද්ලයාගේ චරිතයට හානියක් සිදු කල නොහැක.තවද බෞද්ධ දහමේ මූලිකව ඇත්තේ අවිහිංසා
    වාදයයි එම නිසා එය රැකීම බෞද්ධයන්ගේ යුතුකමකි.

    තෙරුවන් සරණයි!

    • අරුණ වීරසිංහ පවසන්නේ:

      @ කසුන් නදීශාන්
      සත්‍ය දැකීම පිළිබඳ අවංකවම සතුටු වෙමි…

  17. Thisara පවසන්නේ:

    ඔබේ ලිපියට තුති. හැමදාම වගේ ලංකාවේදී සිද්ධ වෙනේනේ ගැටළුවක් වලිගේ පැත්තෙන් අල්ලා ගැනීමයි. Akon ලංකාවට එන්න වීසා නොදීම මගින් බුදු දහමට ඇති තර්ජනය නැවැත්විය හැකි යයි හෝ එමගින් බුදු දහම රැකෙනවා යයි සිතීම පුදුම උපදවන සුළු වැඩකි. මෙය හරියට අතීසාරයට අමුඩ ගැසීම වැනිය. අනෙක් අතට Akon නම් ගායන ශිල්පියා ලංකාවේ ජනප්‍රිය වන්නේ 2006 – 2007 වැනි වර්ෂ වලදීයි. ඔහුගේ “Smack that”, “I wanna love you”, “Gangsta bob”" Don’t Matter”, “Freedom”, “Lonely”, “Miss Melody”, වැනි ගීත බෙහෙවින් ජනප්‍රිය අදටත් ලංකාවේ ඉහළින්ම තිබේ. අනෙක් අතට ගැටළුව තිබෙන්නේ මේ මතුවන්නා වූ විරෝධය මතුවන්නේ Akon ගේ ගීත කලාව සමග බද්ධ වී තිබෙන සංස්කෘතියටද එසේ නැත්නම් Akon ගැයූ ගීතයක බුදු රැවක් දිස්වීම නිසාද? මීට පෙර ඔහුගේ “Belly Dancer” නම් වූ වීඩියෝ ගීතයට මොවුන් විරැද්ධ නැද්ද? එසේ නම් Akon ගේ කාන්තා නිරැවත පෙන්නන ගීත හොද වන්නටත් බුදු රෑප පෙන්වන වීඩියෝ වලටත් විරැද්ධ වීමට සදාචාරාත්මක අයිතියක් තිබේද? මෙය, ෂාරැක් ඛාන් ලංකාවට අාවාට කම් නැත. නමුත් සෝම හිමිගේ අපවත්වීම සමරන දින පැමිණීම වරදක් ය වැනි මතයක්ද?

  18. Udana පවසන්නේ:

    We Sri Lankans shouldn’t get angry and violent. We must be an example to the world, and try to solve issues with intelligence.
    Thanks so much for your views, Aruna! To this day… even I was blinded to some extent… now, I see the truth. We must solve issues without turning ourselves to a joke in-front of the global media.
    Look what Shahrukh Khan did. He was Arrested by the Americans by mistaking him as a terrorist. But he didn’t go back to India and started a riot. He made a movie and opened the eyes of the people around the world. (I still haven’t watched it yet)

  19. උඔ වගේ පිස්සෙක් නෙමේ පවසන්නේ:

    සිරසට, “ප්‍රභාකරන්” මහතා වුනා. ශවුන් එය සාධාරනීකරනය කරනවා. ඔබ Acon ගේ රසිකයෙක් බුදු දහම පැත්තකට දමා ඔබ Acon බල්ලා‍ගේ පස්සෙ යන එකෙන්. Avon ගේ සිංදු අහල ROCK GUY කෙනෙක් කියා ගන්න හදන මෝඩයෙක්. ගෙදරට වෙලා සිරස පෙන්නන මහ ගෙදර බලපන්….

    උඔල ‍වගේ එවුන්ට තමා මෝඩ දෙවියන් වහන්සේට කියල මොලේ මවවන්න ඕනේ…..

    • Thisara පවසන්නේ:

      මල්ලී, Akon කියන්නේ Rock Guy කෙනෙක් නෙමේ. Rock කියන්නේ වෙනම මියුසික් ස්ටයිල් එකක්. නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහගන්නේ නැතිව කෙළින් වෙලානම් චූ කරලා නිදාගන්න.

      Akon ගැන හොදට දැනගෙන ඔහුගේ මියුසික් ගැන ඉගෙනගෙන ගීත වල පදමාලාව හොදින් කියවලා අවශ්‍ය නම් Akon ගැන කතා කරමු.

    • කෙනෙක් පවසන්නේ:

      “පිස්සෙක් නොවන” පිස්සා මේ නියෝජනය කරන්නේ මහා සිංහල තාරුණ්‍යය. තමන්ට නොතේරෙන දේට, තමන් අකමැති දේට පළු යනකල් බණිනවා. හැබැයි යන්නේ කොහේද මල්ලේ පොල්… (ඒක එහෙම කියන එක වැරදි නැහැනේ ඔබ එකොන් රොක් මියුසික් කරනවා කියන කොට. ඔබ වැනි තාරුණ්‍යයේ අයිකන් වලට පුලුවන් වෙන්නේ මතවාද හුවමාරු වෙන සංවාදයකට “හොඳවැයින් දෙකක්” විදියේ කමෙන්ට් දැමීම පමණයි… කරුණු කාරණා එක්ක තර්ක කරන්න මල්ලි… මම එකොන් අදහන්නෙක් නොවෙයි. ඒත් ඔබ එකොන්ට බල්ලා කියනවා නම් ඒකට හේතු එක්ක බල්ලා කියන්න… නැත්නම් ඔබ නිකම්ම මෝඩයෙක් වෙනවා විතරයි…

    • උඔ වගේ පිස්සෙක් නෙමේ පවසන්නේ:

      @ thisara @ kenk::

      උම්බලා මාර උගතුන්ය… ‍කොටින්ම නොදන්න දෙමල උබලාය. මවිසින් acon rock guy විදිහට හදුන්වා දුන් තැන පෙන්වන්න ???? මවිසින් acon හදුන්වා ඇත්තේ acon බල්ලෙක් ලෙසය…

      මවිසින් ‍මේලිපිය ලියූ මෝඩයා rock guy කෙනෙක් වී‍මට තැන් කරන බව පමණක් කියා තිබේ. ඉතින් සිංහල වත් කියවා ගන්න බැරි උම්බල ‍වගේ අවජාතකයින් එක්ක තව මොන කථාද???

      @ thisara

      උම්බට නැග්ගම චූ කරල නිදියනවද???

      එහෙනම් උම්බේ ගෑනීව මට භාරදියන් පොන්නයා…

    • Thisara පවසන්නේ:

      “Avon ගේ සිංදු අහල ROCK GUY කෙනෙක් කියා ගන්න හදන…….”

      Akon කියලා ලියන්නෙත් මෙහෙමයි මල්ලී.

      කියවලා බලන්න.

      “Oh Africa”
      (with Keri Hilson)

      Oh Africa…

      I know that we have to take it to the goal ’cause everyone’s depending on we
      See we ain’t got nowhere to go but up, it’s our destiny

      We’re choosing the way, we’ll do what it takes to get to the top of the highest mountain
      We’ll do anything, we got to prove ourselves ’cause we know

      Oh Africa…

      See we’ll never be able to forget this day ’cause it’s the greatest day of our life
      See no matter what happens at least we can say “we came, we saw, we tried”

      We’re choosing nowhere, we’ll do what it takes to get to the top of the highest mountain
      We’ll do anything, we got to prove ourselves ’cause we know

      Oh Africa…

      This is our time to shine, our time to fly, our time to be inside the sky
      Our time to soar, our time to saw, the last one in football

      Oh Africa…

      Yes, I can see her
      ’cause every girl in here wanna be her
      Oh! She’s a Diva…
      I feel the same,
      And I wanna meet her

      They say: “She low down…”
      It’s just a rumour I don’t believe ‘em!
      They say: “She needs to slow down…”
      The *baddest* thing around town!

      She’s nothing like a girl you’ve ever seen before!
      Nothing you can compare to your neighborhood whore!
      I’m tryinna find the words to describe this girl without being disrespectful!!!

      The way, that booty movin’ – I can’t take no more
      Have to stop what I’m doin’, so I can pull up her close
      I’m tryinna find the words to describe this girl without being disrespectful

      Damn Girl!!!

      Damn, you’s a sexy bitch, sexy bitch!
      Damn, you’s a sexy bitch!

      Damn Girl!!!

      Damn, you’s a sexy bitch, sexy bitch!
      Damn, you’s a sexy bitch!

      Damn Girl!!!

      Yes, I can see her
      ’cause every girl in here wanna be her
      Oh! She’s a Diva…
      I feel the same,
      And I wanna meet her

      They say: “She low down…”
      It’s just a rumour I don’t believe ‘em!
      They say: “She needs to slow down…”
      The *baddest* thing around town!

      She’s nothing like a girl you’ve ever seen before!
      Nothing you can compare to your neighborhood whore!
      I’m tryinna find the words to describe this girl without being

      disrespectful!!!

      The way, that booty movin’ – I can’t take no more
      Have to stop what I’m doin’, so I can pull up her close
      I’m tryinna find the words to describe this girl without being

      disrespectful

      Damn Girl!!!

      Damn, you’s a sexy bitch, sexy bitch!
      Damn, you’s a sexy bitch!

      Damn Girl!!!

      Damn, you’s a sexy bitch, sexy bitch!
      Damn, you’s a sexy bitch!

      Damn Girl!!!

      Damn, you’s a sexy bitch, sexy bitch!
      Damn, you’s a sexy bitch!

      Damn Girl!!!

      Damn, you’s a sexy bitch, sexy bitch!
      Damn, you’s a sexy bitch!

      Damn! You’s a Sexy Bitch!

      මෙය අණ්ඩර දෙමළ වීමටද බැරි නැත. හොදින් කියවන්න. සියළු දෙවි දේවතාවුනගේ පිහිටයි, ආරක්ෂාවයි.
      මා දන්නා තරමින් බුද්ධ පුත්‍රයන්ගේ වෘෂණ කෝෂ පාර්ලිමේන්තුවේදී Akon මිරිකා නැත.
      Akon සංඝ සම්මේලන කඩා බිද දමා සංඝබේදය ඇති කොටද නැත.

    • කෙනෙක් පවසන්නේ:

      සන්සුන් වෙන්න…. සයිබර් අවකාශය ඇත්තේ පිස්සු කෙලීමට නොවේ… මම කියා සිටින දේ නම් බොරුවට කෑ නොගසා නිශ්චිත සන්දර්භයක සිට ප්‍රතිචාර දක්වන ලෙසයි. මෙතෙක් ඔබ මෙතන කර ඇත්තේ අපහාසය පමණයි.

      ඔබට මෙතන නොපෙනෙන දේ නම්, එකොන් ගැන තබා ලංකාවේ අංකුර ගායකයෙක් ගැනවත් තඹ සතයකට නොතකන පිරිසක් මේ එකොන් ලංකාවට ඒම දඩමීමා කරගනිමින් දේශපාලන සහ සිවිල් වාසි ලබා ගැනීමට තැත් කිරීමයි.

      තවත් ඔබට මේ ගැන සංවාදයකට යන්නට වුවමනා නම් ශිෂ්ට ලෙස එය කළ හැක.

      ඔබට අවශ්‍ය නම් ඔබට උගත් කම සහ එහි වැදගත් කම ගැනද පළු යනතුරු කථා කරමු.

    • අරුණ වීරසිංහ පවසන්නේ:

      @උඔ වගේ පිස්සෙක් නෙමේ..

      ඔබට ලැබිය යුතු පිළිතුරු අන් අය ලබා දී ඇත… කිසිවකවත් අන්තවාදී නොවන මාද උඔ වගේ පිස්සෙක් නෙමේ…

      අනික මම සිරස නොබලමි.. ඩයලොග් සැටලයිට් වල සිරස නොපෙන්වයි…

      akon ගෙ සිංදු අහපුවාම rock guy කෙනෙක් වෙන විදිහ කියල දෙන්න පුලුවන්ද?

  20. Udana පවසන්නේ:

    සහතික ඇත්ත.
    මේක තමයි Akon සිද්දියේ නොදුටු පැත්ත

  21. අරුණ වීරසිංහ පවසන්නේ:

    Akon ට හෝ වෙන කාගේ හෝ ක්‍රියාවකට හැසිරීමකට හෝ මොනයම් දෙයකට ‍ඔබ විරුද්ධ නම් කල හැකි හොඳම දේ ඔහුව ප්‍රතික්ෂේප කිරීමයි… කාටවත් Akon ව බලෙන් පටවල නෑනේ.. ඒ වගේම Akon විතරක් නෙවෙයිනේ ගායකයෙක් ට ඉන්නේ.. මොකෝ අපේ රටේ ගායකයෝ නැතුවද? Akon ට කැමතිද නැද්ද යන වග මට ප්‍රශ්නයක් නැත…Akon ප්‍රසංගය අවලංගු කර ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීම ගැන පුද්ගලිකව සතුටු වෙමි.. බොරුවට කුණුහරුපෙන් කමෙන්ට් නොකර ඇත්ත දකින්න..

  22. rachiyo පවසන්නේ:

    පට්ට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )