මෙරට සොඛ්‍ය සේවය පිලිබඳ සතුටුදායක තත්වයක් නොමැති බව සියලු දෙනාම දන්නා සත්‍යයකි… අද වන විට නවතම ප්‍රවනතාව වී ඇත්තේ වෛද්‍යවරයකු ලගට නොයා ෆාමසියක් වෙත ගොස් අසනීප තත්වයන්ට ප්‍රතිකාර ලබා ගැනීමකි… එය එක්තරා අයුරකින් පහසුවක් වනවා සේම ලාභදායී ක්‍රමයක් ද වේ.. මේ අනුව බොහෝ විට සිදු වන්නේ වෛද්‍ය උපදේශයකින් තොරව ප්‍රතිකාර ලබා දීමය…..
උක්ත මාතෘකාවට අදාල කාරණාව ගැන විමසීමේදී වත්මන් තරුණ පරපුර වෙලෙඳපොලේ ඇති විවිධ ඖෂධ හිතූමනාපෙට ගන්නා බවක් දක්නට ලැබේ… විශේෂයෙන් කාන්තාවන්ගේ රුව වැඩීමට යැයි පවසමින් ඇති විවිධ ඖෂධ වර්ග ඉතා අඩු මිලකට ෆාමසිවලින් ලබා ගැනීමට හැකියාව ඇත… මේවායින් සිදුවන අතුරු ආබාධ පිළිබඳ තැකීමක් නොකරන බවක් මිලදී ගන්නන් දෙස බැලීමේදී පෙනී යයි… බොහෝවිට රූපවාහිනී හා පුවත්පත් මගින් ගෙනයන ප්‍රචාරයන් ඒ අයුරින්ම පිලිගැනීම මෙම තත්වයට හේතු වන්නට පුලුවන.. බොහෝ වෛද්‍යවරුන් පවසන්නේ එවැනි ඖෂධයක් භාවිතා කරණවානම් එහි වගකීම භාවිත කරන්නා සතු බවය.. මෙරට සෞඛ්‍ය බලධාරීන් මෙවැනි ඖෂධ වල ගුනාත්මක බව හෝ ප්‍රතිථල වල සත්‍ය අසත්‍යතාව පිළිබඳ උනන්දුවක් නොදක්වන බවක් දක්නට ලැබේ… (මෙරට ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වනවාදැයි යන්නත් සැක සහිතය)

තරුණයන් අතර කාව වර්ධන ඖෂධ අද බොහෝ ජනප්‍රිය වී ඇත.. මේවායින් සිදුවන අතුරු ප්‍රතිඑල පිලිබඳ සැලකියයුතු පිරිසක් විමසනවාදැයි සැක සහිතය.. මා දැක ඇති පරිදි බොහෝ මිල අධික කාය වර්ධන උපකාරී කිරිපිටි වල සංයුතිය “නෙස්ටමෝල්ට්” හි අඩංගු සංයුතියට වඩා මද අඩු වැඩි වීමක් විනා ගෙනදෙන විශේෂ ප්‍රතිඑලයක් නොමැත..
තවද මෙවැනි ඖෂධ දිගුකාලීන භාවිතය පුරුෂ වඳභාවයට පත්විය හැකි බව තරුණ පිරිස් අතර මතයක් පවතී.. බොහෝ විට මේ කරුණ පිලිබඳ හැරෙන්න සිදුවන වෙනත් අතුරු ආබාධ පිලිබඳ ඔවුන් සැලකිල්ලක් නොදක්වයි.. බොහෝවිට මෙවැනි කායවර්ධන උපකාරී ඖෂධ (Supplement) පෙනහලු ආශ්‍රිත සෙම් රෝග සදහා බලපායි… තවද සමහර ඖෂධ නිසා ඇස් පෙනීම දුර්වල වීම, වකුගඩු ආශ්‍රිත රෝග ඇති කරයි..
රුව වඩන හා කාය වර්ධන ඖෂධ පිළිබඳ වෛද්‍යවරුන්ට පවා එකවර නිගමනයක් ඉදිරිපත් කල නොහැක.. මන්ද යත් එහි අඩංගු සංයුතීන් පවසන පරිදිම ඇතිදැයි අනුමාන කල නොහැකි බැවිනි.. එයට හොදම නිදසුන් වන්නේ මෙවැනි ඖෂධ නිපදවන සමාගම් පිළිබඳ අන්තර්ජාලයේ විස්තර නොමැති වීම, එහි නිෂ්පාදන ක්‍රියාවලීන් පිලිබද විස්තර නොමැති වීම ආදියය.
මොනාද එතකොට හොඳ ඒවා. ඒ වගේ එව ටිකකුත් දැන ගන්න තියෙනව නම් වටිනවා. මොකද රැවටෙන්න බැරි නිසා.
ඕවා හුඟාක් වන්චාවල්… අපේ මිනිස්සු අහුවෙනවා.