මළවුන්ගෙන් ඉපැයීම..

Posted: 2010 සැප්තැම්බර් 7 in මට හිතෙන දේ....

දෙවියන් පෙරටු කර මුදල් ඉපැයීම අද සමාජයේ ‍ බොහෝය.. සති අන්ත පුවත්පතක් කියවා බැලීමෙන් නීච කුල රොඩී දැහැන අරකද මේකද යනුවෙන් සදහන් දැන්වීම් වැඩිහරියක් දැකගැනීම‍ට හැකියාවක් ඇත. මේ පිලිබඳ දීර්ඝ ලෙස විමසාබැලීමට හැකි උවද අද මා ගෙනහැර දැක්වීමට උත්සහ කරන්නේ මළවුන් ගෙන්වා කරණ මුලාව පිලිබඳවය.

යම් කෙනෙකු මිය ගිය පසු ඔහුගේ ආත්මයට පිං පතා ආගමික වත්පිළිවෙත්, දානමාන ආදිය මියගිය පුද්ගලයාගේ නෑ හිතමිත්‍රාදීන් විසින් සිදුකිරීම සාම්‍ප්‍රධායික කටයුත්තකි. නමුත් අලුත්ම රැල්ල වී ඇත්තේ හොද දේවාලයකට ගොස් මැරුණු පුද්ගලයා ගෙන්වා බැලීමය. එසේ ගොස් පැමිනෙන්නෙකු පවසන්නේ කෙසේද? ආයේ අහන්න දෙයක් නෑ,මැරිච්ච තාත්ත වගේම කතා කරා මට හිතාගන්න බෑ ‍විස්තර ඔක්කොම කිවුවා යනුවෙනි.. මෙතනදී සිදුවන්නේ මනෝවිකාරයක් මිස වෙන දෙයක් නොවන බව මතක් කර දීමට කැමැත්තෙමු. මන්ද යත් මෙවන් තැනකට ගිය පසු පවසන්නේ මැරුණු පුද්ගලයා පිලිබඳ විමසා ඔහු ගැන සිතින් සිතා ගන්නා ලෙසය. එවට සිත තුල නිරන්තරයෙන් සිදුවන සිහිපත් වීම මත දේවගැතියාගේ කටහඩ මැරුණු පුද්ගලයාට සමාන ලෙස ඇසීම අරුමයක් නොවේ. බොහෝවිට මෙවන් තැනකදී සියල්ලන්ටම පවසන්නේ පොදු කරුණුය. මැරුණු පුද්ගලයාගේ ආත්මය දැන් දඔදිව භාවනායෝගීව සිටින බව, ජීවත්ව ඉන්න කල පින් දහම් කරගන්න නොහැකි උන බව, දරුවන්ට ආශිර්වාද කිරීම වැනි දෑ පැවසීම මගින් සිත කුල්මත්ව යන මළගිය පුද්ගලයාගේ දූ දරුවන් හා නෑ හිතවතුන් අ‍‍තේ තියෙන පිච්චියත් දෙවියන්ටම පූජා කර පැමිනේ.
මෙවන් විකාර සමාජයෙන් අතුගා දැමීමට කාලය පැමින ඇත. දෙවියන් නිසා ලේසියෙන්ම මුදල් ඉපැයීමට හැකියාව ලැබී ඇත්තේ මිනිසුන් තුල පවතින විවිධාකාර විශ්වාස මතය. මුස්ලිම් මනුස්සයාට රෑට බූතයෝ පේන්නේ නැත්තෙත් දෙමළ මනුස්සයාට යකා ගහන්නෙත් නැත්තේ මොවුන් ඒවා විශ්වාස නොකරන නිසාය. මියගිය පුද්ගලයාට දමිළ භාෂාව හොඳින් පුලුවන් වී තිබුනේනම් ඔහු ගෙන්වීමට පැමිනෙන්නාටද එය පුලුවන්නම් දෙමළෙන් කතා කරොත් දේවගැතියාට දෙමළ බැරිනම් වැඩේ හබක් ය. මෙවැනි බොරුකාරයන්ගෙන් බේරී ඒ මුදලින් ආගමික කටයුත්තක් හෝ දානයක් දීම මගින් එලොව සිටින අයට කෙසේ වෙතත් මෙලොව සිටින අයට වැඩක් සිදුවනු ඇත. දෙවියන් නිසා ප්‍රසිද්ධ උන මහනුවර එක්තරා දේවගැතියෙකුට සවර්ණමහල් රත්තරං ම උවමනාය.. තමන්ගේ යමක් නැති උනාම දේවාලෙට යන අතර දේවාලේ යමක් නැති උනාම පොලීසි යන්නේ දේව බලයට වඩා පොලිස් බලය ප්‍රබල නිසා වන්නට ඇත. මුලාවන්ට හසු නොවී බුද්ධිමත්ව කටයුතු කිරීම මගින් සත්‍ය දැකගත හැක.අත් 12ක් මුහුණු 06ක් ඇති අසාමාන්‍ය ‍දෙවියන් ට පඩුරක් දැමීමට පෙර මේ කාරනා විමසා බලන්න..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )