තාම රස්සාවක් නැද්ද…. ?

Posted: 2009 නොවැම්බර් 21 in මට හිතෙන දේ....

රැකියා ප්‍රශ්නය අද ලංකාවේ ප්‍රධාන ගැටළුවක් වෙලා තියෙනවා. සුදුසුකම් තිබුනත් අද සමහරුන්ට රස්සා නෑ. හොඳම උදාහරණය උපාධිදාරීන්.. රජය මේ අයට දෙන්න හදන තනතුර පිළිබඳව කතා කිරීම නිෂ්ඵල කටයුත්තකි. (මෙතනින් බලන්න)

තමන්ට හරියන රැකියාවක් හොයාගන්න බැරුව ලතවෙවී තැවිතැවී ඉන්න අයට අන්තර්ජාලය ඔස්සේ විවිධ රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව ලබා දී තියෙනවා.. එවැනි අවස්ථා උදාකර දෙන ක්‍රියාකාරී අඩවි කිහිපයකි මේ..

http://www.topjobs.lk/

http://www.srilankajobs.net/

http://www.jobsnet.lk/

http://www.lankatopjobs.com/

මෙවැනි අඩවි වල සඳහන් වන රැකියා අවස්ථා දකිද්දී හැගී යන කරුනක් වන්නේ ‍විරැකියාවට හේතුව රැකියා නොමැතිකමද ? නැත්තම් සුදුසුකම් නොමැතිකම ද යන්නයි..

රැකියා තිබුනද ලංකාවේ බොහෝ පිරිසක් සොයන්නේ ක්‍ෂණික නුඩ්ල්ස් වැනි රැකියාය.. එනම් කෙටි කලකින් ලොකු ධනවතෙක් වීමට හැකි රැකියාය. මහන්සි වී කීයක් හරි හොයාගන්න අමාරු  එවන් අයටත්, පාසල් ජීවිතය පිස්සු කෙලීමට කැපකර විභාග අසමත් ව ඉබාගාතේ යන අයටත් කෙටි කලකින් ධනවත් වීමට අවස්ථා ලංකාවේ ඕනෑතරම් ඇත.. ඒවැනි මාර්ග කිහිපයක් මගේ පෙළගැන්වීම අනුව ,

 

01. දේවාලෙක කපු මහතෙකු වීම ( මිනිසුන් වැඳ වැඳ මුදල් දී යයි)

02. සිඟමන් යැදීම ( දවසකට රු.1000කට වඩා ඉපයිය හැක)

03. ඡන්දය ඉල්ලා පලාත් සභාවකට හෝ පාර්ලිමේන්තුවට යාම.

04. තමන්ටම  SMS කරගනිමින් මොකක් හෝ තරඟයකින් STAR කෙනෙක් වීම.

05. CD\DVD හොර කොපි තොඟ වශයෙන් බෙදා හැරීම

06. දරුණු අසනීපයකින් පෙළෙන බව පවසා ටිකට් පත් විකිනීම.

07.නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට දුප්පත් දුවා දරුවන් ට ඉගැන්වීමට අධාර                                  කරන මෙන්   ඉල්ලා  bookmarks  විකිනීම.

ඉහත සඳහන් කලේ කිහිපයක් පමණි. තව ඕනෑ තරම් තිබේ..එවැනි වෘත්තියක යෙදුනොත් නං ඉතින් සුටුස් ගාල” මාතියා පෝෂතෙක් තමා වෙනවා……” මෙම ලිපිය ලිවීමට මා පෙලබවූ , බස් රථයක පිටුපස වීදුරුවක සදහන්ව තිබූ වාක්‍යකින් මම මෙම ලිපිය අවසන් කරමි.

” අතේ සතේ නැතත් අම්මා මට පුතේ කියයි…..”

 

Advertisements
ප්‍රතිචාර
  1. Chanaka පවසයි:

    ඇයි අන්තර්ජාලයෙන් මුදල් උපයන හැටි උගන්වන එක ඒකත් සල්ලි හොයන්න ලේසි ක්රමයක් තමයි. දැනගන්න ඕනෙ blog site එකක් හදන හැටි විතරයි. ඕන ගොනෙකුට කරන්ඩ පුලුවන්

  2. Chamara පවසයි:

    නියම කියමන මමත් අරුණගේ පැත්තේ
    ඔහොම තමයි ඉතින් කස්ටියම රජයට යන්න තමා කැමති මොනවා ක‍රන්නද
    මොකද ගොඩක් වැඩ නොක‍ර දවල් නිදා ගෙන ,වම්ට ගහලා , …………..(තව තියෙනව කියන්න)ලොකු පඩියක් ගන්න පුලුවන් නේ ඔකයි අද තත්වය
    මාත්

    01. දේවාලෙක කපු මහතෙකු වීම ( මිනිසුන් වැඳ වැඳ මුදල් දී යයි)

    02. සිඟමන් යැදීම ( දවසකට රු.1000කට වඩා ඉපයිය හැක)

    03. ඡන්දය ඉල්ලා පලාත් සභාවකට හෝ පාර්ලිමේන්තුවට යාම.

    04. තමන්ටම SMS කරගනිමින් මොකක් හෝ තරඟයකින් STAR කෙනෙක් වීම.

    05. CD\DVD හොර කොපි තොඟ වශයෙන් බෙදා හැරීම

    06. දරුණු අසනීපයකින් පෙළෙන බව පවසා ටිකට් පත් විකිනීම.

    07.නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට දුප්පත් දුවා දරුවන් ට ඉගැන්වීමට අධාර කරන මෙන් ඉල්ලා bookmarks විකිනීම.

    මේ ටිකෙන් එකක් පටන් ගන්න ඔන………………..

    🙂
    මේ ලිපිය කවුරුත් කියවනවා නම් මම ගොඩක් කැමති……

  3. දර්ශන පවසයි:

    ” අතේ සතේ නැතත් අම්මා මට පුතේ කියයි…..”
    අන්තිම වාක්‍යයට හුගක් හිත ඇදිල ගියා

  4. Charitha පවසයි:

    එහෙම නැත්නම් හොඳ පන්සලක් හොයලා මහණ වෙන්න ඕනේ. ඒකත් පට් ගාල සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් 🙂

  5. කුමාර පවසයි:

    අනිත් ඔක්කොමත් හරි, අන්තිම වාක්‍යයත් හරි.
    ” අතේ සතේ නැතත් අම්මා මට පුතේ කියයි…..”

  6. budhajeewa පවසයි:

    ඇත්ත.

    “අතේ සතේ නැතත් අම්මා මට පුතේ කියයි…” ලස්සන වගේම අර්ථවත් කියමන.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )