Barn Buddy…… license නැති මල් වගාව..

Posted: 2009 නොවැම්බර් 30 in අලුතෙන් මොනවද?

කාලෙකින් Barn Buddy ගැන මුකුත් ලිවුවේ නැත්තේ ලියන්න තරම් දෙයක් තිබ්බේ නැති නිසා.. Barn Buddy ලා සත්තු ඇති කරන්න දුන්න එක ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නැනේ, Log වෙනකොට එයාලම පෙන්වනවනේ… මං අද කියන්න යන්නේ BB credits නැති දුප්පත් අයට වැදගත් වන යමක්…

ඉස්සර Barn Buddy වල level අප් වෙනකොට BB credits දුන්නත් දැන් ඓහෙම නෑ.. BB credits නැතුව මල් license එක ගන්න බැරුව තමයි අද ගොඩක් අය ලතවෙවී තැවිතැවී ඉන්නේ.. ( මාත් තිබ්බ සේසතේම වියදම් කරල license එක ගන්න බැරුව ඉන්න කෙනෙක් තමා… 😦 ) ඉතින් අර license තියෙන අය මල් වගාව නිසා බලා ඉද්දි level අප් වෙනවා..

මේකට විසඳුමක් මම අත්හදා බැලුව.. වැඩේ සාර්ථකයි 😀 .. මල් පැල ඇට ගන්න license ඕන උනාට මල් හිටවන්න license ඕන නෑනේ… මගේ යාළුවෙක් Barn Buddy ලෙවල් 84 ඉන්නවා.. මිනිහ හරි පෝසතා ( BB Coins වලින් ) .. එයාට මල් license එක තියෙනවා.. මම එයත් එක්ක ගිවිසුමක් ගැහුවා.. මේකයි වැඩේ.. එයාගේ පාත්තියටයි මගේ පාත්තියටයි හරියන්න එයාගේ සල්ලි වලින් මල් පැල ඇට ගන්නවා… එයාගේ කොටස එයා හිටවගෙන මට ගත්ත මල් පැල ඇට  gift එකක් විදිහට මට send කරනවා.. එක වරකට එක පුද්ගලයෙකුට Barn Buddy තෑගි යැවිය හැක්කේ එක් වරක් පමණක් වුවද එසේ නොමැතිව එක් වරකදී එකම පුද්ගලයෙකුට තෑගි තමන්ට උවමනා ප්‍රමානයක් යැවීමට ක්‍රමයක් ද ඇත.. එනම් පහත රූප සටහනේ පරිදි gift යැවීමට උවමනා තරම් ටැබ් ප්‍රමාණයක් විවෘත කර ගැනීමෙනි ( මේ පිළිබඳ ගැටළුවක් වෙතොත් පවසන්න..)

‍ඒ අනුව ඔහු මට මල් පැල ඇට එවන අතර ගිවිසුමට අනුව ඔහුගේ කොටස ඔහු අස්වැන්නෙන් නෙලා ගනියි… එකවර එක ගසකින් මල් 10 පමණ‍ කලාතුරකින් කැඩුනොත් මිසක සාමාන්‍යයෙන් මල් 02 ක් හෝ 04 ඔහු අතට පත්වේ..එය මට ශුද්ධ ලාභයක් වන්නේ  මල් පැල ඇට මිලට ගැනීම සඳහා ම විසින් කිසිදු බරපැනක් ‍නොදැරූ හෙයිනි.. මෙ ක්‍රමය ඉතාමත් සරල වන අතර අවශ්‍යය වන්නේ license හිමි කළණ මිතුරෙකි…  එක මිතුරෙකුට සියලු වියදම් දැරීමට නොහැකි නම් මෙය license හිමි මිතුරන් කිහිප දෙනෙක් එක් කරගෙන උවද කල හැක.. සාර්ථක මල් වගාවකට ඔබට මගේ සුභ පැතුම්….

Advertisements
ප්‍රතිචාර
  1. Dilshan පවසයි:

    පහුගිය දවසක මල් ලයිසන් එක අඩුගානකට දුන්න දැක්කෙ නැද්ද 1,965 කට , එවෙලාවෙ පැනපුගමන් ගත්ත දැන් සල්ලිවලින් නම් අඩුවක් නැහැ දවසට එක ගානෙ ලෙවෙල් එකත් වැඩිවෙනව මොකද මල් වලට දෙන xp point ගානත් වැඩියි නෙ.

    • අරුණ වීරසිංහ පවසයි:

      හරි කොල්ලෝ එහෙමැයි කියල අඩු කොරාට එක ගන්න තරංවත් මම පෝසත් නෑ… දැනට තියෙන්නේ 780ක් ද කොහෙද…

  2. වරුණ පවසයි:

    ම අර විදිහට ටැබ් ගොඩක් open කරල යවන්න හැදුවා. ඒ වුනාට එක ටැබ් එකකින් යැව්වා විතරයි අනිත් ටැබ් එකේදී ඒ යාලුවගෙ නම පෙන්නන්නෙ නෑ. එක පාරක් යැව්වා කියල.

  3. chanaka පවසයි:

    පොහොසත් යාලුවො නැති අය මොකෑ කරන්නෙ ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )