sinhala bloggers…. මේක හරිද?

Posted: 2009 දෙසැම්බර් 3 in මට හිතෙන දේ....

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසඳය ලබන 19 වැනිදා පවත්වන්න යන ප්‍රථම හමුව අලලා මෙය ලියන්න සිත් විය.. සිංහල බ්ලොග්කරුවන් විසින් විවිධ ආකාරයේ බිලොග් අඩවි කරණු ලබයි.. සමහර විට එකම පුද්ගලයා බිලොග් අඩවි දෙක තුනක් මෙහෙයවයි. සමහර බිලොග් අඩවි කිහිප දෙනෙකුගේ නිර්මාණයකි. එය ගැටලුවක් නොව්..

මෙම ලිපිය ලියන මෙ මොහාත වන විට සිංඩියේ බිලොග් අඩවි 554 ක් ඇත.. නමුත් ඒවයේ ක්‍රියාකාරීත්වය ගැන සෑහීමකට පත්විය නොහැක. සෑමදාම පාහේ දැකිය හැක්කේ සුලු පිරිසක් මෙම සිංඩිය කරගෙන යන ආකාරයකි.. ‍අන් අයට ඇති කාර්යයබහුල බවත් සමඟ බ්ලොග් පොස්ට් ලිවීම අපහසු වුවත් අප සිංඩියට එක් වීමේදී පහත කාරණාවට එකඟ වුවෙමු..

” 7. දින 90 තුල අලුත් ලිපියක් නොලිව්වොත්, එය සින්ඩිකේටරයෙන් ඉවත් කිරීමට සිදුවෙයි. ”

නමුදු බිලොග් අඩවිය පැත්ත පලාතක නොගිය ආකාරයක් සමහර අඩවි වලට පිවිසීමෙන් පෙනී යයි..  එයට ඕනෑතරම් උදාහරණ ද ගෙනහැර දැක්විය හැක..නමුදු තාමත් සිංඩියේ ඇත.

එබැවින් මෙ කාරණය සැලකිල්ල‍ට ගෙන වඩා හොඳ සිංඩියක් පවත්වාගෙන යාමට කටයුතු කල යුතුය.. එය සිංහල බිලොග්කරුවන් වන අපගේ යුතුකමකි.. අක්‍රීය බිලොග් අඩවි පිළිබඳව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසඳය භාර නිළධාරීන් පියවරක් ගනු ඇතයි විශ්වාස කරමි..

ප්‍රතිචාර
  1. ඉන්දරේ පවසයි:

    සින්ඩ්යේ අපේ බ්ලොග් ලිපි වල පෝස්ට් පෙන්වන්නේ මේ ආකාරයටයි. නිශ්චිත කාල ප්‍රාන්තරයකට වරක් සින්ඩිය තමා සතුව ඇති සියලු RSS feeds කියවා බලමින් අලුත් යමක් ඇත්දැයි සොයා බලනවා. එසේ අලුත් යමක්, එනම් අලුත් ලිපියක් හමු වුවහොත් එය ප්‍රකාශයට පත් කෙරෙනවා. මේ අනුව ලිපි ලිව්වත් නැතත් සින්ඩිය අපේ බ්ලොග් වල feed කියවා බලනවා. ලියන්නේ නැතිව අතහැරදමා ඇති බ්ලොග් තිබේ නම් ඒවායේ feed කියවීමට ගත වන කාලයත්, විශේෂයෙන්ම වැය වන සම්පත් ප්‍රමාණයත් (server resources) අපරාදේ. ඒ නිසයි ලියන්නේ නැති බ්ලොග් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේ.

    බලන්න මේ අවස්ථාවේ සින්ඩියේ අවසන් පිටුවේ ඇත්තේ නොවැම්බර් 11 වෙනිදා ලිපි. එනම් පැරණි ලිපි සින්ඩියේ දැක්වීමෙන් කොහොමටත් ඉවත් වෙනවා. යම් බ්ලොග් අඩවියක් ලියන්නේ නැති නිසා අයින් කලා කියා වෙන එකම හානිය නම් එය blog roll එකේ නොපෙනීම විතරයි. ඒ නැතුව එහි ඇති ලිපි සින්ඩියෙන් බලන්න නම් කොහෙත්ම බෑ.

    අවාසනාවකට අප සින්ඩියේ පාවිච්චි කරන යාන්ත්‍රණායෙන් මාස 3ක් ඇතුලත නොලියූ අඩවි ඉබේම සොයාගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා එය manually කල යුතුයි. දිනපතා මෙය කිරීම මහත් අසීරු කටයුත්තක්. මේ නිසා අහම්බෙන් දුටුවොත් හෝ නිවාඩුවක් ලැබුනු විටකදී තමයි මේ සියලු බ්ලොග් වලට ගිහින් මාස 3ක් ඇතුලත ලියා තිබෙනවාද කියා බලන්නට වෙන්නේ. මෙසේ බ්ලොග් පන්සිය ගණනක් කියවා බැලීම කොතරම් අසීරු කර්තව්‍යයක්ද කියා මට තේරුනේ බ්ලොග් අඩවි category වලට වෙන් කිරීම සඳහා ඒ සෑම බ්ලොග් එකක්ම කියවා බලන්නට ගොසින්.

    මම දකින්නේ මෙහෙම දෙයක්. හැමෝම අලුතින් බ්ලොග් එකක් පටන් ගත්තාම සින්ඩියට අයදුම් කරනවා. approve වෙන්න පරක්කු උනොත් මේල් පිට මේල් ගහලා හේතු විමසනවා. නමුත් තමන් බ්ලොග් එක ලිවීම අතෑරලා දැම්මට පස්සේ තම බ්ලොග් එක මින් ඉදිරියට නොලියන බව සංසදය දැනුවත් කරන්නට කාරුණික වන්නේ කීයෙන් කී දෙනාද?

    • අරුණ වීරසිංහ පවසයි:

      @ ඉන්දරේ සහ තිලිණ

      බ්ලොග පටන් ගන්න ලේසියි නමුත් පවත්වාගෙන යන්න අමාරුයි.. ඉන්දරේ අයියගෙ අදහසට එකඟයි. විශාල මුදලක් වැය කර මෙය පවත්වාගෙන යනවානම් වියදම් කරණ සෑම රුපියලක් ම මේ බ්ලොග් පන්සිය අතරේ බෙදී යයි.. එනිසා සිංඩියේ ඇති බ්ලොග් වල ක්‍රියාකාරීත්වය පිළිබඳ සියලු දෙනාම මීට වඩා සිතිය යුතුය.

  2. තිලිණ පවසයි:

    බොහෝ කාලයකින් අලුත් ලිපි නොදැමූ බ්ලොග් අඩවි සින්ඩියේ තබාගැනීම සින්ඩියට හොද දෙයක් නෙවෙයි. මොකද දැනටමත් සින්ඩිය පවත්වාගෙන යෑමට විශාල මුදලක් වැය වෙන නිසා. මෙය සාමාජිකයන්ට නොමිලේ ලබාදෙන සේවාවක් නිසා වියදම් හැකිතරම් අවම කිරීමට උත්සාහ කිරීම වැරැද්දක් ලෙස කිසි ලෙසකට මම දකින්නේ නැහැ.

  3. කණිෂ්ක පවසයි:

    මම නම් සින්ඩියෙ කිසිම වැරැද්දක් දකින්නෙ නැ.. අනික බ්ලොග් ලිස්ට් එක වැඩි උනා කියල වෙබ් පේජ් එක ලෝඩ් වීම ප්‍රමාද වෙලත් නෑ.. අනික මම දන්න තරමින් සින්ඩියෙ blog roll එකට වඩා බැලෙන්නෙ feeds. ඉතින් මොකටද අපි කලබල වෙන්නෙ?.. කවුරු කවුරුත් අනුන් ගැන කේලම් නොකිය තමන්ගෙ වැඩේ හරියට කරා නම් ඉවරයි නේද?.. 🙂

    • අරුණ වීරසිංහ පවසයි:

      @කණිෂ්ක

      තමන්ගෙ වැඩේ හරියට කරනවනං මෙහෙම ලිපියක් ලියන්න වෙන්නේ නෑනේ.. අයියෝ කේලම් කියන්න ඔනිනම් කෙලින්ම මම හොයල ලිස්ට් එකක් හදල සිංඩියට මේල් එකක් ගහනව මේ බ්ලොග් අක්‍රීයයි කියල. FEED එක බලන එක ඇත්ත, ඒත් නිකමටවත් පේන්නැද්ද ඒ FEED එකේ පේන්නේ එකම කට්ටියක් කියල.. සිංඩියේ වැරද්දක් මම දකින්නෙත් නෑ.. වැරැද්ද තියෙන්නෙ ආවට ගියාට බ්ලොග් පටන් ගත්ත අය අතේ..

  4. Malith පවසයි:

    kalinga :
    සිංහල බ්ලොග් කියවනයෙන් ඉවත් කරා කියලා ඒ බ්ලොග් අඩවියේ සටහන ඉවත් වෙනේ නෑ. සිංහල බ්ලොග් කියවනයේ කොහොමත් එක ලිපියක් තියාගනේ දින 15වක් පමණයි. ලියනේ නැති බ්ලොග් තියාගන්නවා කියන්නේ අපේ server වලට load එකක් විතරයි, ඉන් වෙන කිසිම හොදක් නෑ.
    අනික මතක තියාගන්න සිංහල බ්ලොග් කරුවන් කියන්න තම තමන් උදවු කරන්න හැදූ සමූහයක් මිස මේක සමාගමක් වත් මුදල් හොයන තැනක් වත් නොවන බව, හැම කෙනාම වැඩ කරනේ තමන්ගේ කැමැතට, උදවුවක් හා සේවයක් විදියට. තම තමන්ගේ සාක්කුවල මුදල් වලින් තමයි බ්ලොග් කියවනය පවා පවත්වනේ. ඉතින් සිංහල බ්ලොග් කරුවන්ට ඇගිල දික් කර බනිනවා කියනනේ උඩබලාගෙන කෙල ගැසීමක්.
    ඇගිල දික් කරන්න ලේසියි, වැරදි පෙන්නන ලේසයි, නමුත් ඒක හොද කරන්න උපකාරයක් කරන එක තමයි වැදගත්. නමුත් දෙයක් කරන්න උපකාර කරන්න ඉනේ කීයෙන් කී දෙනාද ? තමන්ගේ කාලයෙන් මිනිතුවක් වැය කරනේ කවුද අනුන් වෙනුවෙන් ?
    මේවා අපි කරන්නේ අපේ කාලය, මුදල් වැයකරලා සේවවක් ලෙස, නමුත් මේවා අයිතිවාසිකම් කරගෙන මේ වගේ දේවල් දකිනකට ඇතිවෙන්නේ දුකක්, කලකිරීමක්.
    10Rate This

    PDRTJS_settings_208638_comm_82 = {
    “id” : “208638”,
    “unique_id” : “wp-comment-82”,
    “title” : “%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8F+%E0%B6%92+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91.+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+15%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92.+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+server+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+load+…”,
    “item_id” : “_comm_82”,
    “permalink” : “http%3A%2F%2Farunaweerasinghe.wordpress.com%2F2009%2F12%2F03%2Fsinhala-bloggers-%25e0%25b6%25b8%25e0%25b7%259a%25e0%25b6%259a-%25e0%25b7%2584%25e0%25b6%25bb%25e0%25b7%2592%25e0%25b6%25af%2F%23comment-82”
    }

    මගේ කමෙන්ට් එකෙනුත් වැරදි අදහසක් අවනම් සමාවෙන්න ඔන, මගේත් අදහස ඔයගොල්ලො ක‍රන්නෙ අගේ කළයුතු වැඩක්,
    සින්ඩියෙ ටෙක්නිකල් පැත්ත ගැන මට අවබෝධයක් නැහැ , මම හිතුවෙ බ්ලොග් එකක පෝස්ට් එකක් පළවුනොත් පමණයි සින්ඩිය තියෙන සර්වර් එකට බලපැමක් වෙන්නෙ කියල එහම හිතුවෙ පොස්ට් එක තියෙන්නෙ බ්ලොග් එක තියෙන සර්වර් එකේනෙ, එනිසයි අදහසක් විදියට ඉහත කමෙන්ට් එක දැම්මෙ,

    වැරදි අදහසක් අවනම් ආයෙත් සමාවෙන්න ඔන, මේවගේ දේවල් තවත් ඉදිරියටත් ක‍රගෙන යන්න පුලුවන් කියල සුභ පතනව,

  5. kalinga පවසයි:

    සිංහල බ්ලොග් කියවනයෙන් ඉවත් කරා කියලා ඒ බ්ලොග් අඩවියේ සටහන ඉවත් වෙනේ නෑ. සිංහල බ්ලොග් කියවනයේ කොහොමත් එක ලිපියක් තියාගනේ දින 15වක් පමණයි. ලියනේ නැති බ්ලොග් තියාගන්නවා කියන්නේ අපේ server වලට load එකක් විතරයි, ඉන් වෙන කිසිම හොදක් නෑ.

    අනික මතක තියාගන්න සිංහල බ්ලොග් කරුවන් කියන්න තම තමන් උදවු කරන්න හැදූ සමූහයක් මිස මේක සමාගමක් වත් මුදල් හොයන තැනක් වත් නොවන බව, හැම කෙනාම වැඩ කරනේ තමන්ගේ කැමැතට, උදවුවක් හා සේවයක් විදියට. තම තමන්ගේ සාක්කුවල මුදල් වලින් තමයි බ්ලොග් කියවනය පවා පවත්වනේ. ඉතින් සිංහල බ්ලොග් කරුවන්ට ඇගිල දික් කර බනිනවා කියනනේ උඩබලාගෙන කෙල ගැසීමක්.

    ඇගිල දික් කරන්න ලේසියි, වැරදි පෙන්නන ලේසයි, නමුත් ඒක හොද කරන්න උපකාරයක් කරන එක තමයි වැදගත්. නමුත් දෙයක් කරන්න උපකාර කරන්න ඉනේ කීයෙන් කී දෙනාද ? තමන්ගේ කාලයෙන් මිනිතුවක් වැය කරනේ කවුද අනුන් වෙනුවෙන් ?

    මේවා අපි කරන්නේ අපේ කාලය, මුදල් වැයකරලා සේවවක් ලෙස, නමුත් මේවා අයිතිවාසිකම් කරගෙන මේ වගේ දේවල් දකිනකට ඇතිවෙන්නේ දුකක්, කලකිරීමක්.

    • අරුණ වීරසිංහ පවසයි:

      @කාලිංග

      මම මෙතන කිසිම අයිතිවාසිකමක් පිළිබඳ සඳහන් කර නැත.. එමෙන්ම කිසිම බ්ලොග් අඩවියක් ඉවත් කරණ ලෙසද ඉල්ලා නැත.

      “වඩා හොඳ සිංඩියක් පවත්වාගෙන යාම සිංහල බිලොග්කරුවන් වන අපගේ යුතුකමකි ”

      ඔබ පවසන ආකාරයට අතින් වියදම් කරන් මෙය කරණවානම් වඩා හොඳ සිංඩියක් වෙනුවෙන් කැපවීම අපේ යුතුකමක් නොවේද..? හැමදාම බයිස්කෝප් සිංහලෙන් හා තවත් බ්ලොග්කරුවන් කීපදෙනෙක් පමණක් මෙය ඇදගෙන යන ආකාරය පෙනෙන්නේ මට විතරද? පසුගිය අගෝස්තු වල සිට මේ වනතෙක් කිසිවක් පල නොකළ බ්ලොග් අඩවි මෙහි දක්නට ඇත. ඔබ අපට පමණක් නොව ඒ අයටත් වියදම් කරණවා නොවේද?
      “අක්‍රීය බිලොග් අඩවි පිළිබඳව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසඳය භාර නිළධාරීන් පියවරක් ගනු ඇතයි විශ්වාස කරමි..”
      යනුවෙන් මම අදහස් කලේ නැවත එම අඩවි සක්‍රීය කරගන්නා වෙන් සුළු දැනුම්දීමක් වැනි යමක් කරණවා විනා එය ඉවත්කරණ ලෙස ඉල්ලා සිටීමක් නොවේ…

  6. Malith පවසයි:

    මමත් කියන්නෙ දින 90 නිතිය අනවශය එකක් මොකද සමහරුන් කලාතුරකින් ලිව්වත් එම ලිපි වල වැද්ගත් යමක් තියෙනව එව සින්ඩියෙන් අයින් ක‍රොත් කියවන අයට එව මග හැරෙන්න පුලුවන්, අනිත් එකතමයි සින්ඩිය ඩිරෙක්ට‍රියක් වගේ එකක් නෙමිනෙ කෙනෙක් ලිව්ව්වොත් තමයි සින්ඩියට වැටෙන්නෙ නොලිව්වොත් එව තියෙනවද නැද්ද කියල කියවන අයට ගැටලුවක් වෙන්නෙ නැහැ එනිසා මම හිතන්නෙ නැහැ කියවන අයට එක අපහසුවක් කියල මොකද ඩිරෙක්ට‍රියක් වගේ එකක නම් අනවශ්ය දෙවල් වැඩිවුනොත් හොයගන්න අමාරුයි කියන්න පුලුවන්, මම හිතන්නෙ මේ නීතිය මුලින්ම යොජනා වෙන්න ඇත්තෙ ලිවීම ගැන උනන්දුක‍්රන්න වෙන්න ඇතිකියලයි , එත් මම හිතන්නෙ කලාතුරකින් ලිව්වත් එවයේන් වැදගත් යමක් ලියවෙනවනම් එවයෙන් ප‍්රයොජනයක් ගන්න එවා දිගටම සින්ඩියේ තිබුනොත් තමයි හොද,

    • අරුණ වීරසිංහ පවසයි:

      @ මලිත්

      දින 90 නිතිය අප ගෙනා එකක් නොව එය අප සිංඩියට බැඳීමේදී ිපි සැම පොදුවේ එකඟත්වයකට පත් වූ එකකි.. පොදුවේ යමකට එකඟ උනි නම් එය කිහිප දෙනෙක් පමණක් පිලිපැදීම සාධාරණද? සමහරු පාන්දර 02 වැනි වේලාවන් ට ද බ්ලොග් පෝස්ට් ලියන්නේ මෙයට යන්තමින් හෝ කැපවීමක් ඇති නිසාවෙනි.. මම නැවතත් අවධාරණය කරන්නේ මේ ලිපිය බ්ලොග් අඩවි ඉවත් කිරීමක් ගැන නොව වඩා හොඳ සිංඩියක් වෙනුවෙන් අපේ යුතුකම මතක් කර දීමක් පිළිබඳවය..

  7. Kawshala Kapila පවසයි:

    @ තිලිණ

    ඒකට නේද සිංහල බ්ලොගර්ස් යූනියන් කියන එක තියෙන්නෙ. සංසදය කරන්නෙ තියන ඔක්කොම බ්ලොග් ටික එක තැනකට එකතු කරන එක විතරමයිද? ඒක පවත්වාගෙන යන්න සහ යාවත්කාලීන කරන ක‍්‍රමවේදයක් සකස් කරල නැද්ද? මම හිතන්නෙ එයාල ගාව එහෙම ක‍්‍රමවේදයක් ඇති. ඒක ක‍්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක සංසදයේ කර්තව්‍යයක්. අපි මොකටද දැනුම් දෙන්නෙ. මම නම් කැමති නැහැ එකම එක බ්ලොග් සටහනක් වත් මේකෙන් ඉවත් කරනවට. මොකද හැම සටහනකම කාටමහරි වැදගත් දෙයක් තියෙන්න පුලූවන්.

  8. Ishar පවසයි:

    මම නම් කියන්නේ Adsence වලින් මුදල් ඉපයීම පමණක් ඉලක්ක කර පවත්වා ගෙන වෙබ් අඩවි පිලිබඳ තීරණයක් ගන්න ඕන කියලා.

  9. තිලිණ පවසයි:

    එසේ දින 90කින් අලුත් ලිපි නොදැමූ බ්ලොග් අඩවි දුටුවොත් admin@sinhalabloggers.com වෙත දන්වන්න.

    • අරුණ වීරසිංහ පවසයි:

      @තිලිණ

      කිසිදු ලිපියක් ඉවත් කිරීමට උවමනා නැත.. අනික සෑම අඩවියකටම ( අඩවි 554 ) ගිහින් එය දින 90 නීතිය කඩලාද බලන්න අපි කවුද? අපිත් අන් අය වාගේම මේකේ සාමාජිකයන් පමණි..

  10. Kawshala Kapila පවසයි:

    “අන් අයට ඇති කාර්යයබහුල බවත් සමඟ බ්ලොග් පොස්ට් ලිවීම අපහසු වුවත්”

    අතිශයින්ම කාර්ය බහුල වැඩසටහන් අතරතුර තමා මම නම් මේ බ්ලොග් සටහන් ලියන්නෙ. ඒකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නෙ මම ලබා ගත් අත්දැකීම් සහ දැණුම අනිත් අයත් එක්ක බෙදා හදා ගැනීම. මේ නීතිය නිසා මගෙත් හිතේ පොඩි බයක් තිබුනා සටහනක් ලියාගන්න බැරි වුනොත් මගේ අඩවිය අයින් වෙයි කියන. ඒත් පස්සෙ ඒක නැතිවුනා. මොකද මමත් දැක්කා ගොඩාක් පරණ අඩවි මේකෙ අලූත් දෙයක් නැතුව තියෙනවා. හැබැයි ඒකෙ අනිත් පැත්ත තමයි දැණුම සහ අත්දැකීම් කවදාවත් පරන වෙන්නෙ නැහැ. ඒ නිසා හොඳම දේ තමයි දින 90 පැනපුවා පරන බ්ලොග් නැතිනම් කල් ඉකුත් වූ කියලා වෙන් කිරීම. අයින් කරෝත් අපරාදෙ ඒවගෙ තියෙන දැණුම. බ්ලොග් අඩවිය එකතැන පල්වුනාට දැණුම එහෙම වෙන්න නැහැ මම හිතන්නෙ…

Kawshala Kapila වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න