Dialog T.V. ඩයලොග් ටී.වී.

Posted: 2009 දෙසැම්බර් 10 in අලුතෙන් මොනවද?

ඩයලොග් ටී.වී. මේ වනවිට රටපුරා ව්‍යාප්ත වෙමින් පවතී. මීට ප්‍රධානතම සාධකය වන්නේ බාධාවකින් තොරව රූපවාහිනී නාලිකා නැරඹීමේ හැකියාව තිබීමයි . මෙය සැටලයිට් තාක්ෂණය ඔස්සේ ක්‍රියාකරණ අතර පැහැදිලි දසුනින් යුතුව මේ වනවිට දේශීය විදේශීය නාලිකා ඇතුලුව නාලිකා 75 ක් හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගුවන් විදුලි නාලිකා විකාශනය කරයි..

නමුදු පසුගිය වකවානුව පුරාම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරඟ නිල වශයෙන් විකාශය කරණ චැනල් අයි ( Channel EYE ) ක්‍රිකට් තරඟ පැවැත්වෙන අතරවාරයේ ඩයලොග් ටී.වී. හි විකාශය කිරීම අත්හිටුවා ඇත. මෙය රූපවාහිනී සංස්ථාවේ දැනුම්දීම අනුව සිදුවන බවත් ක්‍රිකට් තරඟ නැරඹීමට අවශ්‍යය නම් NEO Sport හෝ STAR Cricket   යන නාලිකා හාවිතා කරණ මෙන් ඩයලොග් සමාඟම රූපවාහිනී තිරයේ හි දන්වා තිබේ.. නමුදු ඉහත සඳහන් කල නාලිකා දෙක තම පැකේජයේ නොමැතිනම් ඒ අය සමාගමට මුදල් ගෙවා නාලිකාව සක්‍රීය කරගත යුතුය.. මෙය ප්‍රේක්‍ෂකයාට කරන බලවත් අසාධාරනයකි. Channel EYE නාලිකාව හි ක්‍රිකට් තරඟ විකාශය අත්හිටවනවිට සමාගම විසින් පෙර කී නාලිකා දෙකෙන් එකක් ප්‍රේක්‍ෂකයාට නොමිලේ ලබාදීමට කටයුතු කිරීම සමාගම සතු වගකීමකි..මන්ද යත් Channel EYE යනු නොමිලේ ලබාදෙන නාලිකාවක් බැවිනි.

නාලිකා සියල්ලම සක්‍රීය පැකේජයට RS.1949.00 ( බදු රහිතව ) ගෙවිය යුතුය.. මෙම පැකේජයට පමණක් සීමා වූ Ten Sports , Star Movies , Star World , Fox Crime, ඇතුලුව ඩයලොග් ටී.වී. හි විකාශය වන සියලුම විදේශ නාලිකා වෙන වෙනම සක්‍රීය කර ගැනීමට පහසු ක්‍රමයක් සමාගම හදුන්වා දී ඇත. ඒ අනුව ඩයලොග් ජංගම දුරකථනයකින් නම් ON ( space) ගිණුම් අංකය ( space ) නාලිකා අංකය සදහන් කර 679 වෙත කෙටි පණිවිඩයක් යැවීමෙන් අවශ්‍යය නාලිකාව සක්‍රීය කරගත හැක.. වෙනත් දුරකථනයකින් නම් ඉහත පරිදි සදහන් කර 07776796479 වෙත පණිවිඩය යොමුකල යුතුය.. ( සුලු මොහොතකින් නාලිකාවේ සක්‍රීය වීම පිලිබඳ පණිවිඩය රූපවාහිනී තිරය මත දිස්වනු ඇත.) මේ අනුව මම Ten Sports හා Star Movies සක්‍රීය කරගත් අතර තවදුරටත් ෆිල්ම් ටොරන්ට් වල අවශ්‍යයතාවක් මතු නොවනු ඇතයි විශ්විස කරමි 😀 ..

Advertisements
ප්‍රතිචාර
  1. Dilruk පවසයි:

    Dialog Tv Oya Tharam Aththatama Wadakma Nadda? 2012 March 31 Wenakam 5999 Ta Promotion Ekak Thiyanawa. Mama Inne Radawana (Gampaha District) Eth Mama Inna Area Ekata Lankawe Local Channels Wath Hariyakata Penne Na. SLT Peo Tv Ganna Haduwe. Eth Mama Inne Kirindiwela Telocom Eke Idala 4km Hinda Ekath SLT Eken Denna Barilu. Anthimata Thamai Dialog Tv Ganna Haduwe. Eth Me Comments Okkoma Dakkama Mata Dialog Tv Ganna Hithenne Na. Aththatama Mehema Wenawada? Mata Local Channels Balannath One. E Okkotama Balanath One. Oyalama Kiyanna Mata Dialog Tv Eka Ganna Eka Hodaida Kiyannako?

  2. Grey පවසයි:

    1. In dialog TV is it possible to buy only a set (say set 2 and/or 4) without buying a package?

    2. When it comes to PEO TV is it working properly with our current ADSL bandwidth without any slowness?

    • අරුණ වීරසිංහ පවසයි:

      @Grey

      without a package you can’t active a SET plane.. set plans are additional for our packages..

      Peo T.V. does not slow our current internet line.. but there are some disadvantages using peo t.v. .. i’ll discuss about that in my next post

  3. Sujeewa de Silva පවසයි:

    Thanks for the info!

    අරුණ වීරසිංහ :
    @Sujeewa de Silva
    හැකියාවක් ඇත.. මාසික ගාස්තුව රු.399 ( බදු රහිතව) මෙයට HBO නාලිකා 04 ම ඇතුලත්ය.. කෙටි පණිවිඩය යවා ඉතාමත් සුලු මොහොතකින් නාලිකා සක්‍රීය වේ. ..නාලිකාවක් සක්‍රීය කිරීමෙන් පසු ස්වයංක්‍රීයවම ඊලඟ මාසයට ද එය සක්‍රීය වේ…අවශ්‍යය විටක කෙටි පණීවිඩයක් මගින් අක්‍රීය කර ගැනීමට ද හැකියාව ඇත….

  4. සම්පතයා පවසයි:

    ඇත්තටම මම මේ ලිපියට යමක් එකතු කරන්නම ඕන කියලා හිතුවා. මොකද මමත් ඔය කියන සක්‍රිය කරන ක්‍රමය හදන්න ගොඩාක් මහන්සි උන කෙනෙක් නිසා. දැනට පාරිබෝගිකයන්ට ලබා ගන්න පුලුවන් ඔක්කොම චැනල් ටික වෙන වෙනම ලබා ගන්න අවස්තාව තියෙනවා. රු.49 සිට ඔබට මෙය ලබා ගන්න පුලුවන්.

    සතියේ පත්තරවල ඒ ගැන තියෙනවා. දැක්කේ නැති කෙනෙක් ඉන්නවානම් මම ලබා දෙන්නම්.

    පියෝ ට්වි ගැන කතා කරන්න ඕනේ නෑ. ඒක පාවිච්චි කරන අය ඒ ගැන දන්නවා. වෙනස අත් විදපු කෙනෙක් විදියට තමයි මම මේ කියන්නේ.

  5. Thilina පවසයි:

    එළ එළ.. අපිට නං dialog tv නෑ. වැස්ස වෙලාවට කොහොමද? දිගටම පේනවද නැත්නං අල වෙනවද?

    • අරුණ වීරසිංහ පවසයි:

      @Thilina

      සුළං සහිත වැස්සක දී නං වෙලාවකට අර හීරුනු VCD එකක් ප්ලේ කරනවා වගේ.. 😀 ගොඩක් වෙලාවට හොඳයි

    • අරුණ වීරසිංහ පවසයි:

      @patha

      slt peo tv පහසුකම් අතින් එල කියල මමත් පිලිගන්නවා. peo tv මගේ යාළුවෙක් අරන් තියෙනවා.. මේ ලිපියට peo tv එක් කිරීම ගැන ගැටළුවක් පැන නැගුන හෙයින් එය එක් නොකලෙමි.. peo tv නිකන් දෙන එක නං ගන්න එපෝ… ඒ ගැක ඉස්සරහට කියන්නම්… 🙂

  6. Sujeewa de Silva පවසයි:

    මේ ක්‍රමයට HBO වැනි නාලිකාද සක්‍රිය කළ හැකිද? එසේ නම් ඒ සඳහා අදාල අමතර ගාස්තු පිළිබඳව දැන ගන්නේ කෙසේද? එම සක්‍රිය වීම කෙතරම් කාලයකට වලංගු වේද?

    • අරුණ වීරසිංහ පවසයි:

      @Sujeewa de Silva

      හැකියාවක් ඇත.. මාසික ගාස්තුව රු.399 ( බදු රහිතව) මෙයට HBO නාලිකා 04 ම ඇතුලත්ය.. කෙටි පණිවිඩය යවා ඉතාමත් සුලු මොහොතකින් නාලිකා සක්‍රීය වේ. ..නාලිකාවක් සක්‍රීය කිරීමෙන් පසු ස්වයංක්‍රීයවම ඊලඟ මාසයට ද එය සක්‍රීය වේ…අවශ්‍යය විටක කෙටි පණීවිඩයක් මගින් අක්‍රීය කර ගැනීමට ද හැකියාව ඇත….

  7. Malith පවසයි:

    මචං ඔය චැනල් වලත් ඇඩ් දානවද, Channel Eye නම් එකේ මැච් බැලිල්ල එපාක‍රල තියෙන්නෙ පිස්සු බූරුවොටික

    • අරුණ වීරසිංහ පවසයි:

      @Malith

      ලංකාවේ චැනල් වල නං හැමතිස්සේම ඇඩ් තමයි.. 😀 වෙනසක් නෑ , සිදුවන්නේ සාමාන්‍ය ඇන්ටනාවට එන නාලිකාවම පැහැදිලිව පෙනීම පමණී.. ඇඩ් ගැන කතා කරොත් Star movies , HBO වැනි චිත්‍රපටි නාලිකා වල කිසිම වෙලෙඳ දැන්වීමකින් තොරව චිත්‍රපටියක් අවසානය දක්වාම විකාශය වේ. චිත්‍රපටියක් අවසන් වූ විගසම වාගේ ඊලඟ චිත්‍රපටය ආරම්භ වේ. මෙය ඩයලොග් ටී.වී. පහසුකමක් නොව එය එම නාලිකාවේ ස්වාභාවයයි.. 😀

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )