facebook status update ඔයාලත් මේක කරනවාද?

Posted: 2010 පෙබරවාරි 4 in facebook වල අවුල

facebook status update කවුරුත් වගේ කරණ දෙයක්.. නමුත් තමාටත් නොදැනීම
කරණ ‍සමහර අප්ඩේට් වලින් තමා සමච්චලයට ලක් වෙනවඟ සමහරුන්ට තේරෙන්නෑ..
ඒ වගේම සමහර අප්ඩේට් වලින් තමාගේ පෞද්ගලිකත්වයට සිදුවන හානිය ගැන සමහරුන්ට තේරුමක් නෑ.. මෙහෙම වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි
facebook  වලට සමහරු ගොඩක් තදින්ම ඇලී ගැලී සිටීම.. facebook status
update කරද්දී පහත කරුණු සැලකිල්ලට ගන්න.. (ඒ වගේම ඔබ හා ඔබගේ යාළුවෝ පහත දෑ කරණවද බලන්න..

අසනීපව සිටින විටදී status update කිරීම

උදේ පාන්දරම අසනීපයි යනුවෙන්status update කරණ සමහරු දවල් වෙද්දී barn buddy වැනි ෆේස්බුක් ගේම්ස් ප්ලේ කරල ඒව අනිත් අයටත් පේන්න publish කරණව. 😀 .සමහර අසනීප කාරයෝ මෙන්න ගමන් බිමන් යනවා, අයිස්ක්‍රීම් කනවා 😀 . මෙහෙම කරද්දී අනිත් අය දන්නවා මෙයා බොරු ලෙඩ කාරයෙක් කියල. තමන් වැඩ කරණ තැන ප්‍රධානියාවත් ඇඩ් කරගෙන හිටියොත් ආයෙ ලෙඩ නිවාඩු කැන්සල්..

Private message වෙනුවට wall එකේ ලිවීම.

මේකත් ගොඩක් අය කරණ වැරැද්දක්.. කුමක් හෝ පෞද්ගලික යමක් wall එකේ ලියනව කියන්නේ අනිත් අයත් ඒක දැනගන්නවා කියන එක. උදාහරණයක්විදිහට උත්සව අවස්ථාවක් සඳහා මිතුරෙකුට ආරාධනා කිරීමක් wall එකේ ගැහුවොත් අනිත් අයත් දැනගන්නවා ඒ දවසේ උත්සවය ගැන හා ඒ වෙලාවේ ඔයා ඒ උත්සවයේ සිටිනා බවත්.. මේ එක උදාහරණයක් විතරයි. ඔයාල ලියන දේ අනුව අනිත් අය දැනගන්න දේවල් බොහෝමයයි.

status update හරහා කන් කෙඳිරි ගෑම.

සමහරු එකම status update එක දිගින් දිගටම පල කිරීම හෝ එකම
කාරණයක් පිළිබඳව status update හරහා දිගින් දිගිටම කෑ මොර දීම අනිත්
අයට කෙතරම් කරදරයක්ද කියල දන්නවද? ( සමහරුන්ට නම් මේ පිලිබඳව හොඳ අත්දැකීම් ඇති පහුගිය ඡන්ද කාලෙ දී )

කිසි වැදගත්කමකට නැති status update

මේක ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. කිසි තේරුමක් නැති දේවල් නම් ඕන තරම්.. තමන්ගේ සමහර දේවල් අනිත් අයට අනවශ්‍ය යැයි තමාට හැගෙන්නේ නැති එක තමයි වැඩේ..

තවද කිසිම තේරුමක් නැති හෝ කිසිම වැදගත්කමකට නැති facebook group වලට සම්භන්ධ වීම හා අන් අයවත් ඒවාට සම්භන්ධ කර ගැනීමට උත්සහ දැරීම..

කිසිම තේරුමක් නැති හෝ කිසිම වැදගත්කමකට නැති facebook group යනුවෙන් අදහස් කලේ පහත පරිදි group ය

1.000.000 members are Against the New Facebook !!

I ♥ giving ringcuts !!!

ඉතින් ඔයාලත් ඉහත කාරණා වටහා ගෙන තමාගේ තත්වය හා පෞද්ගලිකත්වය රැකෙන පරිදි කටයුතු කරන්න.. මට මඟ හැරුණු දේවල් තියෙනවනම් කියන්න..

Advertisements
ප්‍රතිචාර
  1. ඇත්ත. මේ කතාව සම්පූර්ණ ඇත්ත, ඒකෙ පාලනය හා වගකීම තමුන්මයි ගන්න ඕනෙ.

  2. Gayantha පවසයි:

    Facebook කියන්නෙ හොදට කැපෙන පිහියක්..
    හරියට පාවිච්චි කලොත් එහෙමයි, නැත්නම් එහෙමයි..

    ෆේස්බුක් එකේ අලුත් Privacy Policy එකෙන් තමන්ගෙ යාළුවන්ගෙන් තමන්ව ආරක්ෂා කරනව (Status Message දැකිය යුතු අයව තීරණය කිරීම් වගේ) මිසක් පිටින් ආරක්ෂා වීමක් නම් පේන්න නෑ.

  3. Facebook වල අළුත් පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය (privacy policy) නිසා ගොඩක් අයගේ පෞද්ගලිකත්වය නැති වෙලා කියල මට නම් හිතෙන්නේ.

  4. ඇත්ත මම වැඩ කරපු මැගසින් එකෙන් ඉල්ල අස්වෙන්න කියල ඒකෙ අයිති කාරි මගේ wall එකේ ලියල තිබ්බ. මොකද උනේ කියල යාලුවෝ කතා කරල අහනකොට තමා මාත් දැන ගත්තේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )