ආදරණීය දේශපාලන බ්ලොග් ලියන සහෝදරයන් වෙත..

Posted: 2010 පෙබරවාරි 22 in මට හිතෙන දේ....

මෑතක සිදුවූ ” සිංඩියේ “ වෙනස් වීම නිසා බ්ලොග්කරුවන් අතර නොසන්සුන්කාරී තත්වයක් මතුව ඇති බවක් දේශපාලන බ්ලොග් ලියන්නන්ගේ ලිපි කියවීමෙන් පෙනී යයි.. ඔවුන් පවසන්නේ ඔවුන් ප්‍රධාන පිටුවෙන් ඉවත් කිරීම තුලින් ඔවුන් ට බලවත් අසාධාරණයක් වූ බවයි..

මේ පිළිබඳ මට මෙලෙස ලිපියක් සකසන්නට සිතුනේ ඔවුන් ගේ ලිපි හා ගූගල් සමූහයේ ඔවුන් පළකල තිබූ අදහස් සැලකිල්ලට ගනිමිනි… දැන් ති‍බෙන තත්වය අනුව බ්ලොග්කරුවන් කොටස් දෙකකට බෙදී කොටසක් පාලනාධිකාරියට විරුද්ධව කටයුතු කරයි.. තත්වය මෙසේ වනවිට දේශපාලන බ්ලොග් ලියන්නන්ට තාක්‍ෂණික බ්ලොග් ලියන්නන්ව වහකදුරු වී ඇති බවක් දක්නට ලැබේ.. සමහර දේශපාලන බ්ලොග්කරුවන් දැන් සිංඩිය ” සීනි‍බෝල සිංඩිය , බබාලාගේ සිංඩිය ” වැනි නම් වලින් හැදින්වීමට පෙළඹී ඇත.. තාක්‍ෂණික බ්ලොග් ලියන්නන් තාක්‍ෂණික කරුණු හැරෙන්න වෙන කිසි දෙයක් නොදන්නා පිරිසක් බව ඔවුන් දරණ එක් පොදු මතයක් බවට පත් ව තිබේ… තාක්‍ෂණික කරුණු බ්ලොගයේ ලියන්නේ ඔහු තාක්‍ෂණය ගැන දන්නා නිසාවෙනි.. ඔබලා දේශපාලන කරුණු මැනවින් විග්‍රහ කරන්නේ ඔබලාට ඒ පිළිබඳ හොඳ ( ලිපි වලට අනුව ) අවබෝධයකින් හා දේශපාලනය පිළිබඳ විමසිල්ලෙන් සිටින නිසාවෙනි.. බල්ලගෙ වැඩේ බූරුව කරනවා වාගේ නොකර තමන් මැනවින්  දන්නා දේ ලිවීම සියලු දෙනා ම කරණ බව ඒ අනුව පැහදිලිය..

නමුදු ඔබලා ගේ අදහසට අනුව තාක්‍ෂණ බ්ලොග්කරුවන් තාක්‍ෂණය හැරෙන්න වෙන කිසි දෙයක් නොදන්න තොත්ත බබාලා ය .. කණගාටුවට කරුණ ඇත්තේ එතැනය.. මෙහි සමහරුන් මුලසිට විවිධ මෘදුකාංග හා විවිධ තාක්‍ෂණික ක්‍රියාකාරකම් මැනවින් පැහැදිලි කර දෙයි.. ඒවායින් ප්‍රයෝජන ලබන්නන් ද බොහෝය.. ඔබලා දේශපාලන කරුණු ගෙන එන්නා සේ තාක්‍ෂණ බ්ලොග්කරුවන් තාක්‍ෂණික කරුණු ගෙන එයි.. ඔබලා පවසන පරිදි තාක්‍ෂණික බ්ලොග් වල ඇති බොහෝ දෑ ගූගල් වල සෙවූ වි‍ට බුරුතු පිටින් අහුවෙන ඒවායේ සිංහල පරිවර්ථනයන්ය.. එය එසේනම් ඔබලාගේ ‍දේශපාලනික බ්ලොග්  අඩවි වල පලවන බොහෝ දෑ රූපවාහිනී චැනල් ‍වල හා සති අන්ත පුවත්පත් ‍‍වල පලවන කරුණු කාරණා වලට බොහෝ සමානය..තාක්‍ෂණ බ්ලොග්කරුවන් තාක්‍ෂණය හැරෙන්න වෙන කිසි දෙයක් නොදන්න තොත්ත බබාලා ලෙස හදුන්වන‍්නේ කුමන නිර්නායක යටතේ දැයි නොතේරේ… ඔබලා එසේ පවසයි නම් ඔබලා දේශපාලනය හැරෙන්න වෙන කිසි දෙයක් ‍දන්නේ නැති තොත්ත බබාලා බවට ‍මේ පැත්තේ අයට  ඒ පැත්ත ට ගල් විසිකල හැක..

බැලූ බැල්මට නොව සියලු කරුණු කාරණා විමසා බැලීමෙන් පෙනීයන්නේ ඔබලාට යම් අසාධාරණයක් සිදුවී ඇති බවය.. මෙයට මේ පැත්තේ ඈයෝ ද වගකිව යුතුය .. මන්ද යත් ඔවුන්ට දේශපාලන ලිපි අරහං වීම පිළිබඳ ලිපි පළ කිරීම හා නොදෝමකින් වැනි ‍කමෙන්ට් පළ කිරීම , පාලනාධිකාරියට දහස් ගණන් මේල් යවමින් ( කවුරුත් පවසන පරිදි ) මේ දේශපාලන කරදරය ගැන ගතු කීම වැනි දෑ කර ඇත.. දේශපාලන ලිපි ලියන්නන්ගේ අදහසට අනුව උදේ බල්ලට කෑම දැමීම , ට්‍රිප් යෑමේ වර්ණනාව  වැනි දෑ විගඩම් ය… ඒ අනුව දැන් කාගෙ කගේත් කිල්ලෝට වල හුණු ඇති බව පෙනෙන්නට ති‍බේ…

තාක්‍ෂණික ලිපි ලියන්නන් දේශපාලන ලිපි නොබලනවා බව ත් දේශපාලන ලිපි ලියන්නන් වැරදිලාවත් තාක්‍ෂණික ලිපියක් නොබලනවායි කීමට සාධක නොමැත.. එසේනම් ඇයි දෙපිල බෙදීමක් ..?

දේශපාලන ලිපි ලියන්නන්ට යම් අසාධාරණයක් සිදුවී ඇත්තම් එය නිවැරදි කිරීම ට අප සියලු දෙනා සහයෝගය දිය යුතුය.. මන්ද යත් මතු දවසක බැරිවෙලාවත් ( මම කියන්නේ බැරිමවෙලාවත්) අපටත් යමක් වෙතොත් ඔවුන් ද අප පසුපස පෙළගැසෙනු ඇත…

සහෝදර දේශපාලන බ්ලොග්කරුවනී, දැන්වත් ඔබ අප කෙරේ ඇති වෛරය අතහැර ගනු ඇතැයි මා විශ්වාස කරමි… එසේම මෙහි සියලු බ්ලොග්කරුවන් අන්‍යන්ගේ මතයට ගරු කරමින් ( වැරදිනම් වැරැද්ද පෙන්වා දෙමින් ) පෙර සි‍ටියා සේ සහයෝගයෙන්   සිටිනු ඇතැයි විශ්වාස කරමි….

Advertisements
ප්‍රතිචාර
  1. මලිත පවසයි:

    දේශපාලන,තාක්ෂණික අනම්මනම් කියලා බෙදීමක් ඕන නෑ කියලය මං හිතන්නේ..අපි හැමොම හද මෙයක්ම දන්න පරිපූර්ණ මිනිස්සු නොමයිනේ.අපි දන්න දේ ලියනවා.නොදන්න දේ කියනවා.ඒකයි විය යුත්තේ.

  2. දුකා පවසයි:

    hama dema tiyena sindicator ekak wunaa nam hodai kiyala hiteanwa . . . homoma samagiyen saamadaanen tama tamange adhahas bedaa hadaa agnnaa ekak . . . ane manda ape me sri lankikayange bedeem !!!!!

  3. ඇත්ත දේශපාලන බ්ලොග් වෙන පිටුවකට දැමීමට විරුද්ධව මමත් කතා කලා
    බලාගෙන ගියාම මේ ගොල්ලෝ සිනිඩිය හදලා එහෙම තිබ්බනම් එගොල්ලේ තාක්ශනික බ්ලොග්
    අයින් කරන මට්ටමකට තාක්ශනික බ්ලොග් අරහන් කට්ටියක් වගේ
    බලාගේන ගියාම සින්ඩියේ පරිපාලක වරඅන්ගේ මානසාකත්වයමයි සමහර වීට ඊටත් වඩා නරකට මොවුන්ට තිබෙන්නේ ඇත්තටම මට නම් එපා වුනා

  4. සෙනරත් පවසයි:

    හොද ලිපියක්. සින්ඩියෙ ඇඩ්මින් එක කරපුදේ වැරදි වෙන්න පුළුවන් එත් ඒ ගැන සාකච්චා කරන විධිය සමහර දේශපාලන බ්ලොග් කරුවන් කරන විධිය නෙමෙයි කියලයි මටත් හිතෙන්නෙ. ඒත් මෙහෙම කරන්නෙ ටික දෙනයි.
    මෙ අය ලියන විධිය දකින කොට මතක්වෙන්නෙ අනූ ගනන් වල ජනප‍්‍රිය වුනු x කණ්ඩායම. ඒ ගොල්ලොත් තමන්ගෙ අදහස් වලට විරුද්ධ අයට පහරදෙන්න යොදා ගත්තෙ දැන් සමහරක් දේශපාලන බ්ලොග් කරුවන් පාවිච්චි කරන දේවල්මයි. බබ්බු, මානසික රෝගියෝ, ගම් වලින් කොළඹට ආපු මැට්ටෝ වගේ අපහාසාත්මක දේවල්. සමහර විට මෙ අය ඒ ගොල්ලන්ව අනුකරනය කරන අය වෙන්න ඇති
    ඒත් අන්තිමටඅර කන්ඩායම ඒගොල්ලොම ගහගෙන ඉවරවෙලා ගියා. මෙ වගේ අය කාලෙකට ජනප‍්‍රිය වෙලා නැතිවෙලා යනව. ඉතින් සින්ඩියෙ අපි මෙ ටික දෙනෙකුගෙ ක‍්‍රියාකලාපයට ගොඩක් කලබල වීම අවශ්‍ය නෑ කියලයි මට හිතෙන්නෙ

  5. ගලා පවසයි:

    ස්තූති ඔබේ ලිපියට.මමත් උදේ ඒ ලිපිය දැක්කා.ඔවුන් සිටිනා මතය ගැන මට තියෙන්නේ කළකිරීමක්.ඔවුන්ගේ තවත් චෝදනාවක් වුනේ සින්ඩියේ පාලකයන් හිට්ස් ලබාගැනීමේ අරමුණෙන් මේ දේ කලාය යන චෝදනාව.හිට්ස් ඕනා වෙන්නේ සින්ඩිය ලාභ ලැබීමේ අරමුණෙන් කරනවානම් පමණි.ඔවුන්ගේ මේ හැසිරීම් වලින්ම ඔවුන්ගේ දේශපාලන පරිණතභාවය අපට හොඳින් පෙනේ.

  6. jaga පවසයි:

    නියමයි මචන්. තමන් මහ පොරවල් කියලා හිතගෙන ඉන්න අපේ ගොඩක් දෙශපාලන blog කරුවන්ට නැති දෙයක් උබ ලග තියෙනවා. ඒ හැම ප්‍රශ්නයකම දෙපැත්තම දැකීම.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )